එක්සත් රාජධානියේ වසර 13කට පසු දරුණුතම කැරළි ඇරඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානියේ වසර 13කට පසු අතිශය දරුණු ලෙස අන්ත දක්ෂිනන්ශිකයන්ගේ කැරැල්ල ව්‍යාප්ත වන බව වාර්තා වේ.

අන්ත දක්ෂිනාංශික පෙලපාලිකරුවන් උතුරු එංගලන්තයේ රොදර්හැම් නගරයේ සරණාගතයින් නවාතැන් ගෙන සිටි හෝටලයක් විනාශකර ගිනි තබා ඇති අතර පසුගිය සතියේ උතුරු එංගලන්තයේ සවුත්පෝට්හි නැටුම් පන්තියකදී දැරියන් තිදෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකුට තුවාල සිදු කළ පිහි ඇනුම සිදු කළ පුද්ගලයා සංක්‍රමණික මුස්ලිම් ජාතිකයෙකු වශයෙන් තොරතුරු පැතිර යාමෙන් අනතුරුව මෙම කැරලි කෝලහාල තත්වයන් උත්සන්න විය.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැති කියාර් ස්ටාමා සඳහන් කර තිබුණේ, අන්ත දක්ෂිනන්ශිකයන් වාර්ගික සුළු ජාතීන්ට මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර සහ පහරදීම්වල කිසිදු සාධාරණීකරණයක් නොමැති බවත්, වෛරය වැපිරීමට උත්සාහ කරන අන්තවාදීන්ට එරෙහිව පියවර ගැනීමට හා අපගේ වීදි ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය පොලිස් හමුදාවන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...