හසීනා ඉන්දියාවට පලා යයි; බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවීමට නියමිතයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා අද(05)සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඉන්දියාව බලා පියාසර කළ බවත්, අන්තර්වාර රජයක් පිහිටුවීමට රජය සුදානමින් සිටින බවත්, එරට හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබේ.

රැකියා කෝටා ක්‍රමයක් සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අගමැතිගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටින පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමත් සමඟ හසීනාගේ නිල නිවස වන ‘ගණභබන්’ වෙත ද කඩා වැදුණු දහස් සංඛ්‍යාත ජනතාව සටන් පාඨ කියමින්, මුෂ්ටි තලමින්, ජයග්‍රාහී ලකුණු පෙන්වමින් ප්‍රීති ඝෝෂා නගා තිබේ.

මේ වන විට බංග්ලාදේශයේ සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් එක්ව සකච්ජා පවත්වා ඇති අතර ඉදිරි මාර්ගය ගැන සාකච්ඡා කිරීමට ඉක්මනින්ම ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් හමුවීමට සුදානම් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

සබඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...