රුසියානු තෙල් මිලදී ගන්නේ නම් තවදුරටත් තීරුබදු ඉහල දමන බව ට්‍රම්ප් ඉන්දියාවට අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවක සහයෝගීතාවයෙන් පසු දෙරට අතර ආරවුල තීව්‍ර කරමින් රුසියාවෙන් මිලදී ගන්නා තෙල් හා යුධ උපකරණ වෙනුවෙන් ඉන්දියාවට පනවා ඇති තීරුබදු තවදුරටත් ඉහල නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

මේ සමබන්ධයෙන් චෝදනා කරමින් ජනාධිපති ට්‍රම්ප් පසුගිය සතියේ ඉන්දියාව වෙනුවෙන් 25%ක තීරු බද්දක පනවන ලද අතර යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් මොස්කව්හි වෙළඳ හවුල්කරුවන්ට එරෙහිව තීරු බදු ඉහල නංවන බවට දිගින් දිගටම සඳහන් කර ඇත.

තීරුබදු පනවන්නේ කවදාද යන්නන සමබන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් නිශ්චිතව සඳහන් කර නොමැති අතර දිය තෘත් සමාජ මාධ්‍ය වේදිකාවේ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, රුසියානු යුද යන්ත්‍රය මගින් යුක්රේනයේ කොපමණ පිරිසක් මිය යනවාද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නොවන හෙයින් ඉන්දියාවට පනවන තීරුබදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට තමා සුදානම් බවයි.

මේ සමබන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් සඳහන් කර තිබුණේ, ඕනෑම රටක් මෙන්, ඉන්දියාව තම ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත්, යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් රුසියානු භාණ්ඩ හා බලශක්ති නිෂ්පාදන ආනයනය කිරීම් දිගටම කරගෙන ගොස් ඇති බවත්ය. රුසියාව සමඟ ද්වි පාර්ශවිය සබඳතා දිගටම ක්‍රියාත්මක වන බවත්ය.

එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයට (EIA) අනුව, 2022 දී යුක්රේනයේ යුද්ධය ආරම්භ වූ දා සිට ඉන්දියාව රුසියානු තෙල් වට්ටමක් යටතේ මිලදී ගෙන ඇති අතර ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම හය ගුණයකින් ඉහල නංවා ඇත.

කෙසේ නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ වේදිකාවේ පැය 24කින් අවසන් කරන බවට සඳහන කළ යුක්රේන යුද්ධය ට්‍රම්ප් බලයට පත්වූ මාස 6ක් ගෙවී ඇතත් තව දුරටත් සටන් විරාමයකින් තොරව තවමත් ක්‍රියාත්මක වෙමින් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...