කොරේ පිටට මරේ ! : BYD බදු වංචාව පත්තු වෙන අස්සේ JKH ලාට COD නිසා තවත් බිලියන 15ක් ගෙවන්න වෙයිද ?

Date:

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” නමින් මීට දින කිහිපයකට පෙර කොළඹදී විවෘත කෙරුණු කැසිනෝ ශාලාවට අදාළව නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ අද (05) කැඳවීමට නියමිත බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘතියට අදාළව මීට වසර ගණනකට පෙර එළඹුණු ගිවිසුමක් කඩකිරීම සම්බන්ධයෙන් රෑන්ක් එන්ටටේන්මන්ට් සමාගමේ හිමිකරු වන රවී විජේරත්න මහතා විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර අද දිනයේදී එම නඩුව පළමුවරට අධිකරණය හමුවේ කැඳවීමට නියමිත ය.

මෙහි පළමු වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපටීස් පෞද්ගලික සමාගමත්, දෙවැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංස් PLC සමාගමත් තුන්වැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් Melco Resorts & Entertainment Ltd නමැති හොංකොං හි ලැයිස්තුගත සමාගමත්, සිව්වැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් බ්ලූ හෙවන් සර්විසස් පුද්ගලික සමාගමත් නම්කර ඇති බව සඳහන්.

මෙම ගිවිසුම කඩකිරීමෙන් තමන්ට සිදුවුණු අගතිය සඳහා රුපියල් බිලියන 15 ක මුදලක් වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන මෙන් රෑන්ක් එන්ටටේන්මන්ට් සමාගම මෙහිදී අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා විය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ හර්ෂ කබ්‍රාල් මහතා පෙනී සිටීමට නියමිත ය.

මීට අමතරව BYD වාහන ගෙන්වීමේදී අඩුවෙන් බදු ගෙවා වාහන නිදහස් කරගැනීමක් සම්බන්ධයෙන් ද ජෝන් කීල්ස් සමාගමට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන විමර්ශනයෙන් ඔවුන් වරදකරුවන් වුවහොත් දැනට ගෙන්වා ඇති සහ නිදහස් කරගෙනත් ඇති වාහනවල එකතුව වශයෙන් වාහන 2000 කට පමණ අදාළව රුපියල් බිලියන 10ක පමණ හිඟ බදු මුදලකුත් ඊට අදාළව දඩ පැනවීමක් සිදුකළහොත් අදාළ වටිනාකම මෙන් තුන් ගුණයක් හෙවත් තවත් රුපියල් බිලියන 30ක පමණ දඩයකුත් ගෙවීමට සිදුවනු ඇති බවට වාහන ආනයන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීය පැනලත් හැඩක් නැති ක්‍රීඩා ගැන හිතන හැටි අලුත් විය යුතුයි

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ 103...

විසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දියන් ජාතිකයින් 11ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ LNW: බත්තරමුල්ල ප්‍රදේශයේදී, ඉන්දියන් ජාතිකයින්...

වෛද්‍ය ධම්මිකට වත්කම් බැරකම් ගැටළුවක් නිසා කිසිඳු තනතුරක් ලබා ගැනීමට නොහැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනය...

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජනාත්මක ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවට එරෙහිව අමෙරිකානු...