නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW:
ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට විදේශ රටවල් කිහිපයක ඒ රටවල නීතිමය අන්තර්ගතයන්ට අනුකූලව සහ අනුගතව ප්‍රජා සේවාවන් සඳහා මෙන්ම ක්‍රීඩාව සඳහා ද ක්‍රියාත්මක,ලියාපදිංචි ආයතනයක්.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ බහරේනය තුළ සක්‍රීය මෙම ආයතනය ස්ථාපිත හයවන රට බවට පත්වන්නේ ඕමානයයි.එය විවෘත කරන අවස්ථාවට එකතු වූ ශ්‍රී ලයන්ස් ඉන්ටර්නැෂනල් හි නිර්මාතෘ සහ සභාපති ආචාර්ය කැලුම් සුජිත් පෙරේරා, ශ්‍රී ලයන්ස් ඕමානයේ ආරම්භ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කරන අතරේම ඕමානයේ ආරම්භක සභාපතිවරයා ලෙස උද්යෝගීමත් ක්‍රීඩකයෙකු වන හම්සා හිදයාතුල්ලාගේ පත්වීම සම්බන්ධයෙන්ද ආඩම්බරණීය සතුය පළ කර සිටියා.


ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි කොන්සල් ජනරාල් කාර්යාලය විසින් පිළිගත් ශ්‍රී ලයන්ස්, රග්බි, ක්‍රිකට් සහ නෙට්බෝල් ඇතුළු ක්‍රීඩා සහ සමාජීය ක්‍රියාකාරකම් තුළින් ශ්‍රී ලාංකික ප්‍රජාව නඟා සිටුවීම සඳහා දත්වන උද්යෝගයට සහ උනන්දුවට ප්‍රසිද්ධය. ශ්‍රී ලයන්ස් කණ්ඩායම එමිරේට්ස් ඩුබායි සෙවන්ස් හි පිරිමි විවෘත ජාත්‍යන්තර සෙවන්ස් කාණ්ඩයේ තරඟ වදින එකම ශ්‍රී ලාංකික රග්බි කණ්ඩායමයි. 2019 දී ගල්ෆ් ශූරයන් ලෙස සහ 2024 දී ජාත්‍යන්තර සෙවන්ස් ශූරයන් ලෙස ඔවුන් ලැබූ ජයග්‍රහණ කැපී පෙනෙන ජයග්‍රහණ වේ. එසේම මෙම කණ්ඩායම්වල සැළකිය යුතු ලාංකේය නියෝජනයක් සමග රගර් පමණක් නොව නෙට්බෝල් වැනි ක්‍රීඩා කේෂ්ත්‍ර තුළ ද ලාංකේය නියෝජනයක් දැක ගන්නට ලැබෙයි.
ශ්‍රී ලයන්ස් එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැනට රග්බි, නෙට්බෝල්, ක්‍රිකට්, ගොල්ෆ්, පිහිනුම්, බැඩ්මින්ටන්, වොලිබෝල් සහ පාපන්දු ඇතුළු විවිධ අංශවල තරඟ කරයි. එහි දිගුවක් ලෙස ඕමාන් හී පරිච්ඡේදය ලියවීම ආරම්භ කිරීමට රග්බි සහ වොලිබෝල් තෝරාගෙන ඇති අතර ලබන වසර වන විට අනෙකුත් ක්‍රීඩා දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

ඕමාන් රග්බි සභාපති නබ්ස් අල් බුසයිඩි මහතා රටේ රග්බි ක්ෂේත්‍රයේ 9 වන ලියාපදිංචි කණ්ඩායම ලෙස ශ්‍රී ලයන්ස් ඕමාන් පිළිගැනිම ද මෙහිදී සිඳු වූ අතර ශ්‍රී ලයන්ස් ඕමාන් අප හා එක්වීම ගැන අපි සතුටු වන අතර සියලුම දේශීය රග්බි තරඟාවලි වලදී ඔවුන් දැකීමට බලාපොරොත්තු වෙමු යන්න එරට රග්බි සභාපතිවරයාගේ ඉල්ලීම විය.

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට මේ ආකාරයට දක්ෂයන්ට ඇතුළුවීමට ඉඩක් නැති අතර ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති ක්‍රීඩා සන්නාමයක් වන ශ්‍රී ලයන්ස් ඇතුළත් කිරීම සඳහා ද විශාල අරගලයක් කරන්නට සිදු වූ අතර එහි දී මාධ්‍යයක් ලෙස නිරන්තරයෙන් ඒ වෙනුවෙන් LNW පෙනී සිටියේය.එරට තව දුරටත් රගර් ව්‍යාප්ත කිරීමට දායකවීම සම්බන්ධයේ සතුට ප්‍රකාශ කරන සහ ආශිර්වාදය පිරිනමමින් ස්වාධිනව කටයුත් කරන රටක් හැටියට සිය අනන්‍යතාවය තහවුරු කරමින් සිටියද, ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේම ආශිර්වාදය ඇතිව යම් යම් චෝදනාලාභි ලාංකේය පිරිස් එක්ව ජාත්‍යන්තරය තුළ ඇති කළ කුණාටුවලින් ලාංකේය පැතිරීම විනාශ කරමින් ඉතා සීමිත පරාසයකට පටු කරමින් ඇත.

මේ සියළු කාරණා සියැසින් දැක ගැනීමට ලාංකේය ආඩම්බරයද විඳ ගනිමින් දායක වන්නට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ භාරකාර කටයුතු සහ වැඩබලන තානාපතිනි අනෝධ්‍යා චිරශ්‍රී ද එක් වී සිටි අතර මෙවැනි කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩාවේ ජාත්‍යන්තර පසුබිම සහ අදහස කවරේද යන්න ඒ හරහාවත් ලංකාවේ ක්‍රීඩා පාළකයන් දැන ගන්නට උත්සාහ ගන්නේනම් වැදගත්ය.
ශ්‍රී ලයන්ස් රගර් ක්‍රීඩාව ප්‍රධාන කර ගනිමින් විශාල විප්ලවීය වෙනසක් මැද පෙරදිග කළාපයේ කරන්නට දායක වෙමින් ඇත්තේ එරට ක්‍රීඩාවට විදේශ දායකත්වය සඳහා වන ප්‍රවේශ මාර්ගවල නිදහස්බවේ විශාලත්වය ද නිසාය. ආසියානු රගර් සභාපතිවරයා සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සවුදි අරාබිය,ඕමානය,කුවේට්,බහරේන්,කටාර් වැනි රාජ්‍යයන් හී ක්‍රීඩාව කරන්නට විශාල ඉඩක් එරට වැසියන්ට පමණක් නොව විදේශිකයන්ට ද විවෘත කර ඇත.ඒ ඒ රටවල ආර්ථික ශක්තිය පදනම් කරගෙනය.ඒ නිසා ඔවුන් සිය පුරවැසියන් බවට විශාල මුදලකට විදේශික දක්ෂයන් බදවා ගැනීම සිඳු කරමින් ඇත.

ශ්‍රී ලංකාව වැනි රටක් එවැනි ව්‍යහුයක් තුළ බොහෝ ක්‍රීඩාවලින් එම රටවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ලංකාව පුරාවට ව්‍යාප්තව ඇති ක්‍රීඩාවන් නිසාය.ඒ නිසා තැන තැන පිපෙන කැකළු රට සුවඳ කරන මල් කිරීමට හැකි පරිපාලන වගකීමකින් සෑම ක්‍රීඩාවක්ම ක්‍රියාත්මක වන අතර එහිදී ගමේ දක්ෂයන් වැදගත් මෙහෙවරක් සිඳු කරන්නේය.එහෙත් මේ වන විට ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ඇති කරන ලද උගුල්වල පැටලී ඇතැම් ක්‍රීඩාවල අනාගතයට ඇණ ගසමින් සිටින බව දැකිය හැකිය.ගම අමතක කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර නාගරික කුමරෙක් ලෙස වැජඹෙන්නට හදන එතුමාට කැළුම් පෙරේරා වැනි අයගේ සංකල්පය සහ ක්‍රීඩා භාවිතය වැදගත්ය.

කොළඹ පිළිගත් පාසලක් වුව ද සරල මධ්‍යම පාංතික පවුල්වල බහුතරයක් අධ්‍යාපනය ලබන කොළඹ ලුම්බිණිය හරහා අධ්‍යාපනයටත් රගර් ක්‍රීඩාවටත් දක්ෂ වූ ආචාර්ය කැළුම් පෙරේරා සිය ව්‍යාපාරික ඥාණය සහ ක්‍රීඩාවේ අවබෝධය එකතු කර ලංකාවේ පවතින ක්‍රීඩා ව්‍යහුය මත පදනම්ව මැද පෙරදිග දිග් විජය කළ හැකි ලාංකේය ක්‍රීඩකයින් ඩිනාර්වලින් කෙරෙන ක්‍රීඩාවේ තෙමී දියබත් නොව්නට ස්ථාපිත කිරිම අපූුරුය.එහි ජයග්‍රහණ කොටසක් කැළුම්ලාව නිර්මාණය කරන ලද දේශිය ක්‍රීඩාවේ දුක කඳුළු දරා ගැනීම සමඟ රැඳුණු දුෂ්කර ගමනේ පිළිඹිඹුවක් ලෙස රැදී ඇත.
ශ්‍රී ලයන්ස් ඒ නිසා අපට ක්‍රීඩාවේ විස්මිත චලනමය හැකියාවන්වලින් වියුක්තව එහි ඇති ව්‍යහුයෙන් උගනින්නටද බොහෝ ඇති ක්‍රීඩා සංවිධානයකි.අප ඉහල තැනෙක සිටියදී සියල්ල දන්නා සේ සිටින්නට අයිති ජාතියක් බැවින් තමන්ට නොදන්නා දේ එවැනි තැන්වල සිටියදී උගනින්නට ඇති ඉඩ මඟ හැරේ.හදිසියේවත් නිහතමානි වන්නට සිතුණොත් ශ්‍රී ලයන්ස් ගැන කැළුම් සමඟ කතාව රටේ ක්‍රීඩාවේ විශේෂයෙන් රගර් ක්‍රීඩාවේ ප්‍රගතියට හේතු විය හැකිය.
සිහ ලකුණු සමඟ තව තව තැන තැන ශ්‍රී ලයන්ස් පිහිටවෙනු ඇත.අපි ඒ දෙස ආඩම්බරයෙන් බලා සිටිමු.
