පොදු ජනතාවගේ සාමකාමී විරෝධතා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා – සජිත් (VIDEO)

Date:

ජනපීඩක ජන ඝාතක ක්‍රියාවලිය වහාම නතරකොට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදීමේ වරප්‍රසාදය මේ රටේ ජනතාව වෙත ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.

මිලේච්ඡත්වය හෝ ත්‍රස්තවාදය සමස්ත විපක්ෂය අනුමත නොකරන බවත්, පොදු ජනතාවගේ සාමකාමී විරෝධතාවයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා, මේ මොහොතේ වගකීම් සහගතව කටයුතු කළයුතු බවත්, එකට එක්ව කටයුතු කළයුතු අවස්ථාවේ මර්ධනය සහ තර්ජනය තුළින් රට ගොඩනැගිය නොහැකි බවත් පැවසීය.

උණඩයෙන්, බෝම්බයෙන්, කඩුවෙන් ජනතාව මර්ධනය කළ හැකියැයි ආණ්ඩුව විශ්වාස කරන්නෙනම් එය විහිලුවක් පමණක් බව කී විපක්ෂ නායකවරයා මේ මර්ධනයට එරෙහිව ප්‍රගතිශීලී විපක්ෂය සියලු බලවේග එකට එක් කරන බවද සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ විපක්ෂයේ පක්ෂ නායකයින් ප්‍රමුඛව පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...