ශ්‍රී ලාංකිකයන්ගේ කුසගිනි නිවන්න නෝර්වේ රාජ්‍යයෙන් ක්‍රෝන් මිලියන 13 ක ආධාරයක් !

Date:

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ආධාර ලබාදීමට සිය රජය තීරණය කළ බව නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යවරිය පවසනවා.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් දැඩිලෙස කණස්සල්ලට පත්ව සිටින බවත්, විශේෂයෙන් කාන්තාවන් හා ළමුන් විශාල ප්‍රමාණයක් සිය මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට නොහැකි තරම් අසරණ තත්වයට පත්ව සිටින බවත් අමාත්‍යවරිය සඳහන් කරනවා. කඩිනම් පියවර නොගතහොත් ඉතා ඉක්මනින් අතිශය දරුණු තත්වයක් ඇතිවිය හැකි බැවින් ශ්‍රී ලාංකික ජනතාවට ආධාර උපකාර ලබාදීමට දියුණු රටවල් ඉදිරිපත් වියයුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලාංකික ජනතාවගෙන් මිලියන 6.3 කට අධික ප්‍රමාණයක් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටින අතර සමස්ත ජනතාවගෙන් 40% කට වැඩි පිරිසකට ප්‍රමාණවත් පෝෂණයක් සහිත ආහාර වේලක් සපයා ගැනීම දුෂ්කර වී තිබේ. 70% ඉක්මවන පිරිසක් ආහාර සඳහා වැය කරන මුදල් බරපතල ලෙස සීමා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ජනගහන අරමුදල ඇතුළු සංවිධාන හරහා විශේෂ ව්‍යාපෘතියක් දියත් කර ඇති අතර මේ වනවිටත් රටවල් රැසක් ඊට ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටී. නෝර්වේ රාජ්‍යය නෝර්වේ ක්‍රෝන් මිලියන 13 ක ආධාර ඊට සපයන බවයි විදේශ අමාත්‍යවරිය සඳහන් කරන්නේ.

ලෝක ආහාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය සඳහා ක්‍රෝන් මිලියන 05 ක් ලබාදෙන අතර ළමුන් හා කාන්තාවන්ගේ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට ක්‍රෝන් මිලියන 05 ක් හා ජනගහන අරමුදලට මිලියන 03 ක් ලබාදීම සිදුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...