ඩීසල් සහ ගාස්තු ප්‍රශ්නය විසඳන තෙක් අඛණ්ඩ වර්ජනයේ! (VIDEO)

Date:

ඩීසල් ප්‍රමාණවත් ලෙස නොලැබීම සහ අත්තනෝමතික ලෙස බස් ගාස්තු පහත දැමීමට විරෝධය පළකරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටින අතර මෙම ප්‍රශ්නවලට නිසි විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව වා වර්ජනය ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවේය.

ඒ,අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ සිදුකරමින් තිබෙන්නේ පෞද්ගලික බස් කර්මාන්තය විනාශ කර රජයද අපහසුතාවට පත් කිරීම බව ඔහු කියා සිටියේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවල විද්වත් කමිටු ඇත්නම් ඒවායින් මෙවැනි රජය අපහසුතාවට පත්වන වැඩ සිදු නොකරන බවද ඔහු සඳහන් කළේය.

නිසි ක්‍රමවේදයකට ඉන්ධන ලබා දීමේ හැකියාව තිබියදීත් එය ඉටු නොවන බවයි සරත් කුමාර මහතා පෙන්වාදුන්නේ.

ඒ අනුව මෙම දීප ව්‍යාප්ත බස් රථ වර්ජනයට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය,අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය,පොදුජන එක්සත් බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා එක්සත් බස් හිමියන්ගේ සංගමය එක්ව සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...