බස් වර්ජනය අවසන් !

ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදීමට බළධාරීන් එකඟ වී ඇති හෙයින් ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට පෞද්ගලික බස්රථ හිමිකරුවන් තීරණය කර තිබෙනවා. අද පැවති සාකච්ඡාවකදී අවශ්‍ය තරම් ඉන්ධ නිකුත් කිරීමට බළධාරීන් පොරොන්දු වී තිබෙනවා.

දැනට ක්‍රියාත්මක ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් කිහිපයක් එක්ව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළ අතර මේ නිසා දිවයින පුරා මගීන් රැසක් අපහසුතාවයට පත්ව සිටියේය.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද ප්‍රකාශ කළේ අන්තර් පළාත් සේවාවල නිරත බස්රථ සඳහා පිටකොටුව බැස්ටියන් මාවත ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කරන බවයි. ධාවනය සඳහා එක් නොවන බස්රථවලට ඉන්ධන නිකුත් නොකරන බවද එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය: නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : 2027 අයවැය නොවැම්බර්...

2027 මාර්තු මාසයෙන් පසු සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉදිරි පියවර IMF විසින් පෙන්වා දෙයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාව සිය...

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය...

රාජ්‍ය මුදල් අවභාවිතය: රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති...