*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ජනාධිපති සහ අරගලකරුවන් පිරිසක් අතර සකාච්ජාවක් – අරගලය පාවා දුන්නාද? (VIDEO)

ජනාධිපතිවරයා සහ ජන අරගලයේ පාර්ශවකරුන් කණ්ඩායමක් වූ බ්ලැක් කැප් මුමන්ට් සංවිධානය ඇතුළු කණ්ඩායම් පහක් අතර ජනාධිපති ලේකම් කාර්යාලදී අද (05) සාකච්ජාවක් පැවැත්විය.

පෙර කරන ලද ඉල්ලිමක අනුව මෙම සකචජව ලැබී තිබෙන අතර එහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

එහිදී අරගලයට එක්වූවන් මර්දනය වහාම නතර කරන ලෙසත් රාජපක්ෂ පාලනය විසින් ගෝල්ෆේස් අරගලයට එල්ල කරන ලද ප්‍රහාරය ගැන අවධානය යොමුකරන ලෙසත් විශාල දේශපාලන වෙනසකට මුල් වුණ මෙම අරගලය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කොමිෂන් සභාවක් ඇතිකරන ලෙසත් ඒකාධිපති පාලකයින්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අරගල කළ සංධිස්ථානයක් සනිටුහන් කරන සංකේතයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන ලෙසත් ඉල්ලීම් කර තිබේ.

මෙම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බ්ලැක් කැප් මුමන්ට් සංවිධානයේ කැඳවුම්කරු හේමප්‍රිය කවිරත්න මහතා පැවසුවේ අරගලය සහ පාලන තන්ත්‍රය අතර යම් විරසකයක් ඇති වන්නේ නම් එය තුරන් කිරීම මෙම සාකච්ජාවේ අරමුණ වූ බවයි.

මෙම සාකච්ජාව යම් සාධනීය බවක් පෙන්නුම් කළ බවත් ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවත් ඔහු පැවසුවේය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙසද සාකච්ජාවේදී මෙම කණ්ඩායම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත. එයට ජනාධිපතිවරයා එකඟ වූ බවයි කවිරත්න මහතා සඳහන් කළේ.

සාකච්ජාවෙන් සංවාදයෙන් මෙම රජය සමඟ කටයුතු කළ හැකි බවට විශ්වාස කරන බවත් ඒ සඳහා යම් දියයුතු වන බවත් කවිරත්න මහතා පැවසූ අතර එහි අද මුල් සාකච්ජාව පැවැත්වූ බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම පොලීසිය යොදවා බලහත්කාරයෙන් අරගල භුමිය ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙසත් ජෝශප් ස්ටාර්ලින් මහතා වැනි අය අත්අඩංගුවට ගැනීම ගැනද එහිදී සකාච්ජා කර ඇත.

කෙසේවෙතත් මෙම සාකච්ජාවට වාමාංශික මත දරන කණ්ඩායම් එක් වී නැත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan