10 වැනිදා තෙක් ගෝඨාගෝ ගම ඉවත් කරන්නේ නෑ – නීතිපති අධිකරණයට දැනුම් දෙයි

Date:

ගාලුමුවදොර ඉදිරිපිට ගෝඨාගෝ ගම අරගල භූමියේ අනවසර ඉදිකිරීම් අගෝස්තු 10 වැනිදා වනතෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. ඊට අදාල උපදෙස් පොලිස්පතිවරයා ඇතුළු අදාල ආයතන වෙත ලබාදෙන බවද නීතිපතිවරයා දැනුම් දී තිබේ.

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමට එරෙහිව නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් අද සලකා බැලුණු අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා නීතිපතිවරයාගේ තීරණය අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නේය.

කෙසේ නමුත් ස්වෙච්ඡාවෙන් අරගලභූමියෙන් ඉවත් වන අරගලකරුවන්ට කිසිදු අවහිරයක් නොමැති බවද නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

අද පස්වරු 05 ට පෙර අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කර අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලීසිය අරගලකරුවන්ට දැනුම් දී තිබිණි. කෙසේ නමුත් අද දිනයේදීද විශාල පිරිසක් ගෝඨාගෝ ගම අරගල භූමියේ රැඳී සිටිනු දක්නට ලැබිණි. එහි තිබූ ඇතැම් ඉදිකිරීම් අරගලකරුවන් විසින්ම ඉවත් කර ගන්නා ආකාරයද දක්නට ලැබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා  තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරනවා – Shannon Cowlin

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව සඳහා...

අද (13)කාලගුණය – තැනින් තැන වැසි

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : අද (14)දින...

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...