*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

හදිසි නීතිය තුළින් සමරිසි ප්‍රජාව ඉලක්කවීම ගැන ජනපතිගෙන් ප්‍රතිචා‍ර!

ඉකුත් දින සම්මතකර ගත් හදිසි රෙගුලාසි පනත තුළින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් හෙවත් LGBTIQ ප්‍රජාව ඉලක්කවීම පිළිබඳව මාධ්‍ය වාර්තා පළවූ අතර, මීට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දක්වා තිබේ.

වත්මන් ජන අරගලය සහ අරගලකරුවන් සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද දින (05) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, හදිසි නීතිය පැනවීම හරහා LGBTIQ ප්‍රජාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව තමා දැනුවත් බවත්, එය ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති පසුබිම සකස් කරන ලෙස තමන් විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බවත් ය.

හදිසි රෙගුලාසි ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වැනි විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුනට හිංසන සහ වෙනස්කොට සැලකීම් කිරීමට යොදා ගැනෙන වගන්ති වරෙන්තුවකින් තොරවම බලාත්මක කිරීමට පොලීසිය සහ හමුදාවට බලය පැවරෙන අතර, මෙමඟින් LGBTIQ ප්‍රජාව අත්අඩංගුවට ගැනීම, රැඳවුම්භාරයේ තබා ගැනීම, ඔවුන්ගේ නිවෙස් වැටලීම ආදී සම්භාවිතාවයන් රැසකට නීතිමය පදනමක් විවර කර දී තිබේ.

LGBTIQ ක්‍රියාධරයන්, නීති විශාරධයන් සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් මීට එරෙහිව දැඩි විරෝධයක් පළ කර අතර, ඉන් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කිරිමටත්, පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය සහ සම්මුතිගත වැඩිහිටියන් දෙදෙනෙකු අතර ඇතිවන ප්‍රේමණීය හෝ ලිංගික සබඳතාවක් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමටත් ඔවුහු කටයුතු කළහ.

කෙසේ වෙතත්, ඉහත නිවේදනය හරහා ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ මෙය විසඳීමට තමා කටයුතු කරන බවයි.

මේ අතර හදිසි නීතිය සාමකාමී විරෝධතා ඇතුළු වෙනත් සිවිල් හිමිකම් රැසක් සීමා කිරීමට අදාළව විරෝධය පෑමට අරගලකරුවන් සහ සිවිල් ක්‍රියාකරුවන් කටයුතු කරන අතර, හදිසි රෙගුලාසි වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට ද ඔවුන් කටයුතු කර තිබේ.

සංස්කාරක (LGBTIQ)

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan