Cincinnati ටෙනිස් තරගාවලියෙන් Alcaraz ඉවත් වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 05 , කොළඹ LNW :

ප්‍රකට ටෙනිස් ක්‍රීඩක කාලෝස් අල්කරාස් මැණික් කටුවෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සින්සිනාටි විවෘත ටෙනිස් තරඟාවලියෙන් ඉවත් වී ඇත.

මීට පෙර ඔහුට ප්‍රංශ විවෘත තරඟාවලිය සහ විම්බල්ඩන් තරඟාවලිය ද අහිමි වූ අතර, මෙම නවතම පසුබෑම ඔහුගේ යූඑස් ඕපන් (US Open) ශූරතාවය ආරක්ෂා කර ගැනීමේ සූදානමට දැඩි බලපෑමක් එල්ල කරයි.

අප්‍රේල් මාසයේ සිට තරඟ බිමෙන් ඉවත්ව සිටින අල්කරාස් දැනට පුහුණුවීම් ආරම්භ කර ඇතත්, ඔහුගේ පූර්ණ සුවය ලැබීම පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.

මෙම වසරේ මුලදී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගත් ඔහු, දැනට ලොව දෙවන ස්ථානයේ පසුවන ක්‍රීඩකයා වේ.

වින්ස්ටන්-සේලම් විවෘත තරඟාවලිය ඔහුට යූඑස් ඕපන් තරඟාවලියට පෙර සහභාගී විය හැකි අවසන් අවස්ථාව ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වර්ෂය සඳහා රජයේ මුළු වියදම රු. බිලියන 4,992.77ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: නිදහස් ශ්‍රී ලංකාවේ 81...

මේ පාර එන්නෙත් ඇත්ත දත්ත හංගලා හදපු අයවැයක් – විපක්ෂ නායක

කොළඹ LNW:රජය අයවැය ගැන කතා කරන්නේ සැබෑ දත්ත සඟවා...

රු.බි. 5ක මාතර සමුපකාර වංචා විමර්ශනය: වාහන 12ක් භාවිත කිරීම අධිකරණයෙන් තහනම් කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: රුපියල් මිලියන 5,000ක් පමණ...

ස්පාඤ්ඤයේ මහා වැඩවර්ජනයක් අතරතුර බාසිලෝනා නගරයේ දරුණු ගැටුම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ස්පාඤ්ඤයේ දහස් සංඛ්‍යාත...