Voyager 2 සමඟ යළිත් සබඳතා!

Date:

නාසා ආයතනය බලාපොරොත්තු වූවාට වඩා මාස කිහිපයකට පෙර ම Voyager 2 ගවේෂණ යානය සමඟ නැති වූ සම්බන්ධතාවය යළි ස්තාපිත කර ගැනීමටසමත් වූ බව අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

නාසා ආයතනය මුලින් බලාපොරොත්තු තබා තිබුණේ අභ්‍යවකාශ යානය සමඟ සබඳතා ඔක්තෝම්බර් මාසයේදී යළි පිහිටුවීම පිළිබඳව ය.

Voyager 2 පෘථිවියේ සිට සැතපුම් බිලියන ගණනක් ඈතින් ඇති බැවින් අන්තර් තාරකා විධානය ක්‍රියාත්මක වූයේදැයි සොයා බැලීමට මෙහෙයුම් පාලකයන්ටපැය 37ක් ගත විය.

කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ යානයට පණිවිඩයක් යැවීමට “ඉහළම බල සම්ප්‍රේෂකය” භාවිතා කළ බව Voyager 2 ව්‍යාපෘති කළමණාකරු සුසෑන් ඩොඩ්පවසා තිබුණි.

සන්නිවේදනය නැති වූ පසු, ගවේෂණයට විධාන ලබා ගැනීමට හෝ නාසා හි ගැඹුරු අභ්‍යවකාශ ජාලයට දත්ත ආපසු යැවීමට නොහැකි වී ඇත.

කෙසේ වෙතත්, ඉකුත් අගෝස්තු 4 වැනිදා යානයෙන් දත්ත ලැබී ඇති බවත් එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් අභ්‍යවකාශ ඒජන්සිය විසින් ප්‍රකාශ කරඇත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...