*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රනිල් කරන්නේ නඩු අහන විනිශ්චයකාරතුමන්ලා බය කරන එක – නීතිඥ උපුල් කුමරප්පෙරුම

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජාතික ජන බලවේගයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නඩු අහන විනිශ්චයකාරතුමන්ලා බය කරන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ,

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලය බෙදී තිබෙනවා. විධායකය හෝ ව්‍යවස්ථාදායකය ගනු ලබන අත්තනෝමතික තීරණයක්, යුක්තිසහගත නොවන තීරණයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි තීරණයක් සම්බන්ධයෙන් ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කළ නොහැකි බව මේ බලය බෙදීමෙන් කියැවෙන්නේ නැහැ.

ඉතිහාසයේ විවිධ අවස්ථාවල විධායකය හෝ ව්‍යවස්ථාදායකයේ තීන්දු මත සමහර දේවල් තීරණය කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දු ලබාදී තිබෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ‘වෝටර්ස් එජ්’ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා. පෞද්ගලික ආයතනයකට ‘වෝටර්ස් එජ්’ ලබාදීමට ගෙන තිබූ තීරණයට විරුද්ධව සුගතපාල මෙන්ඩිස්ට එදිරිව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නඩුව උදාහරණයක්. මේ ගනුදෙනුවේ දී වංචා, දූෂණ සිදුවූ බවට පෙත්සම් ඉදිරිපත්කර තිබුණා. නඩු තීන්දුවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියෝග කළා. ඊටත් පෙර කොළඹ වරායේ පී. ඇන්ඞ් ඕ. ජැටිය බදු දීමේදී දූෂණයක් සිදුවී ඇති බවට ඉදිරිපත් කළ පෙත්සම ඒ ආකාරයෙන්ම සලකා බලා දූෂනයක් සිදුවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග ලබාදුන්නා.

ආණ්ඩුව ගන්නා ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දු ගැනීමට සහ නියෝග ලබාදීමට තිබෙන බලය මේ අවස්ථාවලදී තහවුරුවී තිබෙනවා. මේ අවස්ථාව වන විට පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මූලි අයිතිවාසිකම් නඩු විශාල සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේත් පෙත්සම් ගණනාවක් අභියාචනාධිකරණයේත් විභාග වෙමින් තිබෙනවා.

මේ නඩු විභාග කරන විනිශ්චයකාරවරුන්ට ස්වාධීනත්වයක් තියෙන්න ඕනෑ නඩු විභාග කර අවසන් කරන්න. ඒ විනිසුරුවරුන් බියට පත් කරන්න, පීඩනයට ලක් කරන්න රටේ විධායකයට හෝ වෙනත් කිසිවකුට හෝ හැකියාවක් නැහැ. නමුත්, ඊයේ රනිල් වික්‍රමසිංහගේ කතාවෙන් කියන්නේ පාර්ලිමේන්තුවට නියෝග කරන්න වෙන කාටවත් බැහැ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මේ නඩු විභාග කරන්නේ විශාල පරිචයක් තිබෙන විනිශ්චයකාරවරුන් පිරිසක්. ඔවුන්ගේ වපසරිය ගැන ඔවුන් හොඳින් දන්නවා. අනුර බණ්ඩාරනායක නඩු තීන්දුවේදී ඒ බව හොඳින් පැහැදිලි කරදී තිබෙනවා. අධිකරණය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් සම්බන්ධ නඩුද, එසේත් නැත්නම්, පාර්ලිමේන්තුව සම්බන්ධ නඩුද යන්න නිසි අවස්ථාවේදී තීරණය කරයි. ඒ තීරණය ගන්නා තුරු නඩුව විභාග කිරීමේ නිදහසක් අධිකරණයට තියෙන්න ඕනෑ. විනිශ්චයකාරවරුන්ට පීඩනයක් නොතිබෙන්න ඕනෑ. නමුත්, මේ කරන්නේ ඒ විනිශ්චයකාරතුමන්ලාට පීඩනයක් ඇති කිරීමයි, බියගැන්වීමයි.

මෙයට කලින් විවියන් ගුණවර්ධන මහත්මියගේ මූලික අයිතිවාසිකම් කඩ කළාය කියන පෙත්සම සලකා බැලීමේදී පොලිස් නිලධාරියකුට විරුද්ධව තීන්දුවක් දුන්නා. ඒ පොලිස් නිලධාරියාගේ පෞද්ගලික වියදමින් වන්දියක් විවියන් ගුණවර්ධන මහත්මියට ගෙවන්න නියම කළා. ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඒ වන්දි මුදල රජයේ මුදලින් ගෙවා විනිශ්චයකාරවරුන්ගේ නිවාසවලට මැරයන් යොදවා ගල් ගැස්සෙව්වා. බාන්ස් රත්වත්තේ සහ සෝසා මෙන්ම තවත් විනිශ්චයකාරවරයකුගේ නිවස්වලට ප්‍රහාර එල්ල කළා”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan