කවුරු අමතක කළත් අපි විශ්‍රාමිකයින් අමතක කරන්නේ නැහැ. විශ්‍රාමිකයින්ට උපරිම සහන දෙනවා – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලක්ෂ 7ක් වූ විශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් 2021 සිට තමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ බවත් තමන් එසේ කළේ ජනාධිපතිවරණයක් පෙනෙන්නට හෝ නොමැති කාලයක බවත් එහිදී ගොවි ධීවර විශ්‍රාම වැටුප් ගැන පවා ප්‍රශ්න කළ බවත් මේ අයගේ අයිතිය වෙනුවෙන් ඉදිරියේ දී ද පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ රාජ්‍ය හා පළාත් පාලන සේවා විශ්‍රාමික ජාතික සංවිධානයේ නියෝජිතයන් සමග ඊයේ (05) පැවති හමුවකදීය.

අග්‍රහාර රක්ෂණ ගැටලුව, විශ්‍රාම වැටුප් විෂමතා සහ ජීවන වියදම් දීමනා ගැටලුව, 15% ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය ආදී ගැටලු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු ව ඇති බවත් විශ්‍රාමිකයන්ගේ අයිතිය රැකගෙන මේ දේවල් ලබා දෙන බවත් රටේ මූල්‍ය වපසරිය දැන ගෙන අප කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම විශ්‍රාමිකයන්ට ලබා දියහැකි උපරිම සහන ලබා දෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ආර්ථික වර්ධනය තුළ යහපත් මූල්‍ය වාතාවරණයක් ඇති වූ පසු මේවා සියල්ල ලබා දිය හැකි වුවත් රජය කරන්නේ ආර්ථිකය කුඩා කිරීම බවයි පෙන්වා දුන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...