*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

රනිල්ට සහය නොදුන්නොත් පොහොට්ටුවේ රාජකුමාරවරුන්ට වෙන්න යන දේ !

කොළඹ LNW:මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී පොහොට්ටුවේ සමහරු හිතනවා නම් රාජකුමාරවරු වීමට සජිත් ප්‍රේමදාස හෝ අනුර දිසානායක බලයට පැමිණියහොත් ඒ අයට සිදුවන්නේ හිරගෙවල්වල මිය යාමට බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පවසයි.

මීට වසර දෙකකට පෙර රට පවතී තත්ත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහතා මේ රට සහ ජනතාව භාර නොගත්තේ නම් රාජපක්ෂවරුන්ට යන්න තැනක නොමැති වන බවයි හැරිසන් මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් රාජපක්ෂවරු හැදු පොහොට්ටුවෙන් දැන් 90%ක් පමණ ගැලවී ගොස් ඇත්තේ ඔවුන්ගේ හෘද සාක්ෂියට අනුව බවද ඔහු කියා සිටියි.

”මේ රට අමාරුවේ වැටිච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ කරගැහුවා. අද හුස්ම ගන්න පුළුවන් තත්ත්වෙට ආවා. 40,000ට 50,000ට ගත්ත යූරියා බෑග් එක 8000ට 10,000ට ගන්න තියෙනවා. මේ නිසා අපිට දැන් අවස්ථාව තියෙනවා, පොහොට්ටුවේ මහ ඇමතිතුමා කව්වා වගේ ඒගොල්ලෝ ලැස්ති නැහැ නැවත රජ කුමාරවරුන්ට ඔටුණු පළඳවන්න. .රාජකුමාරවරු රජකරවන්න නෙවෙයි මේ රටේ මිනිස්සු රජ කරවන්න ඕනේ කියන නිසා තමයි අනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක ඔවුන් අත්වැල් බැඳගත්තේ. අවුරුදු දෙකකට කලින් පොළොන්නරුවේ මන්ත්‍රීතුමා මහාපාරේ මරල දානකොට, ගෙවල් එකසිය ගානක් ගිනිතියන කොට රාජපක්ෂලාට හැංගෙන්න තැන් තිබුණේ නැහැ. එක්කෙනෙක් ගිහිල්ලා නැවේ හැංගුණා. අනිත් එක්කෙනා ත්‍රිකුණාමලය කෑම්ප් එකේ හැංගුණා. ගමේ ඉන්න මන්ත්‍රීට පාරේ බැහැල යන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ගෙවල්වලට පොලිස් ආරක්ෂාව දෙන්න සිද්ධ වුණා. ජනාධිපති කාර්යාලය බලහත්කාරයෙන් අල්ලගත්ත. ජනාධිපති මැදුර අල්ල ගත්ත. එහෙම රටක් රනිල් වික්‍රමසිංහ භාර ගත්තේ නැත්නම් රාජපක්ෂලාට යන්න ඉඩක් තිබුනඩ්? ඒ විතරක් නෙවෙයි ඒ වෙලාව හැංගෙන්න ගුල් හෙව්වා. එහෙමනම් මේ වෙලාවේ පොඩි කෙළෙහිගුණයක් තියෙන්න ඕනේ. කොහොමත් පොහොට්ටුවෙන් අද 90% ගැලවිලා ගියේ වෙන මොනවත් හින්ද නෙවෙයි පොහොට්ටුවට ආදරය නැති නිසා නෙවෙයි. ඒ මිනිස්සුන්ගේ හදවත දන්නවා අද ඔවුන් ජීවත් වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තය නිසා කියල.” යනුවෙන් හැරිසන් මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan