රවී විසින් කෝකිලාට එරෙහිව ගොණු කළ නඩුවක් සමථයට!

Date:

කොළඹ LNW:හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධනට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොණු කර තිබුණු නඩුවක් අද (06) සමථයකට පත් විය.

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 02ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලමිනුයි රවී කරුණානායක මහතා විසින් නඩුව ගොණු කර තිබුණේ.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මන්ත්‍රීවරිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායක මහතාගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවත්ය.

ඊට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවද ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාඅධිකරණය හමුවේ සඳහන් කරන ලදී

ඒ අනුව අදාළ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...