පොහොට්ටුවෙන් දැන් අපිට ඇමතුම් පිට ඇමතුම් එනවා – මන්ත්‍රී වලේබොඩ

Date:

කොළඹ LNW:තමන් ඇතුළු වාමවාදී ජාතික කඳවුර නියෝජනය කරන පිරිසට දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දුරකථන ඇමතුම් පිට ඇමතුම් ලැබෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන පාර්ශව වෙතින් ඉතුරුව සිටින මෙම ජාතික වාදී කණ්ඩායම වෙත පණිවිඩ එවමින් පවතින නමුත් එහිද සැඟවුණු න්‍යාය පත්‍රයක් පවතින බවයි වලේබොඩ මහතා සදහන් කරන්නේ.

මෙලෙස පිරිස එකතු කරගෙන මැතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කර නාමයෝජනාත් භාර දී මැතිවරණය ව්‍යාපාරයත් සිදුකර අවසාන දින දෙක වන විට අපේක්ෂකයා ඉවත්කරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙත ජන්දය දෙන ලෙස පවසන සැඟවුණු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට පොහොට්ටුව සැරසෙන බවට මන්ත්‍රීවරයා පවසයි.

එහෙත් එම කුමන්ත්‍රණ ප්‍රතික්ෂේප කරන අතර ඒවා හෙළිදරව් කිරීමටද කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කරයි.

දක්ෂිණාංශික,නවලිබරල්වාදී වැල් පාලමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය කරතියාගෙන යන කණ්ඩායමට එරෙහිව ජාතිකවාදී කඳවුර ශක්තිමත් අකර ජාතික ආර්ථිකය නගා සිටිවිම වෙනුවෙන් පෙනී සිටින බවයි වලේබොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...