මනෝලාගේ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ වෙනසක් නැහැ.සහය සජිත්ට!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබේ.

අද (06) මාධ්‍ය හමුවක් පවත්වමින් නිල වශයෙන් එම දැනුම් දීම සිදුකළ අතර දෙමළ ප්‍රගතිශීලි සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රි පී. දිගම්බරන් සහ වී. රාධ ක්‍රිෂ්ණන් යන මහත්වරුන්ද එක් විය.

මේ වන විටත් ඔවුන් කටයුතු කරමින් සිටියේ සමඟි ජන බලවේගය සමඟ වූ අතර පසුගිය දිනවල ප්‍රචාරයන් සිදුවුණේ ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමේ අපේක්ෂාවෙන් පසුවෙන බවයි.

කෙසේවෙතත් දැන් ඔවුන් සිය ස්ථාවරය රටට ප්‍රකාශ කර තිබෙන අතර සුපුරුදු ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සහය දීමටයි තීරණය වී ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...