තරුශිගේ තරු ගුණය ඉව වැටුණු IOC

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 06, (LNW) කොළඹ :

තරුශි කරුණාරත්න ආසියාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලේ මීටර් 800 නියෝජනය කළ එකම ක්‍රීඩිකාව වුවාය.ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ තරුශි,තවමත් 19 හැවිරිදි වියේ පසුවන අතර බලධාරීන්ගේ කුඩා,කුඩා නොසැළිකිලිමත්කම් වීම් මැද ඉතා අපහසුවෙන් අවසානයේ මීටර් 800 ඉසව්ව සඳහා ඔලිම්පික් නියෝජනයට වරම් දිනා ගත්තාය.


තවත් දිගු කාලයක් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට හැකියාව සහ කාලය ඇති තරුශි මෙවර ඔලිම්පික් උළෙලේ සිය ධාවන තරගයට අඳින ලද ක්‍රීඩා ඇඳුම ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි කීර්තිමත් IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එකඟතාවය පළ කර ඇත්තේ ඇයගේ අනාගතය පිළිබඳ විශ්වාසයකින් ද විය යුතුය.


ඔලිම්පික් ගම්මානයේ පැවති උත්සව අවස්ථාවකදී IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශන හා වැඩසටහන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඈන් ජැකාර්ඩ් මෙනවිය වෙත අත්සන යෙදූ තරුශිගේ ඇඳුම් කට්ටලය උත්සවාකාරයෙන් පිරිනැමිණි. ඇයගේ පරිත්‍යාගය සහ එයින් ලැබෙන ගෞරවය අගයමින් තරුෂිට IOC සභාපති තෝමස් බැච් විසින් අත්සන් කරන ලද සහතිකයක් ද ඉදිරියේ දී ලැබෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...