අනුරට රට භාර දෙන්න රටේ ජනතාව දැන් සූදානම් – විජිත

කොළඹ LNW:ආර්ථික,දේශපාලන වශයෙන් කඩා බිඳ දමා ඇති දුෂිත,මජර දේශපාලනය පරදා රට ගොඩනගන ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම ජාතික ජන බලවේගයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (06) ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අරනුර දිසානායක මහතා වෙනුවෙන් ඇප තැන්පත් කිරීම සඳහා මැතිවරණ කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස්කර පැහැදිලි වැඩපිළිවෙලක්,පැහැදිලි ප්‍රතිපත්තියක් සහිත දේශපාලන නායකත්වයකට රට භාර දීමට ජනතාව බලාසිටින බවයි විජිත හේරත් මහතා එහිදී කියාසිටියේ.

ඒ අනුව ජනතාව සමඟ එක්ව අනුරට රට භාර දීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...