බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරවා හැරේ; හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වන බවට එරට ජනාධිපතිවරයා පොරොන්දු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතා සම්බන්ධීකාරකවරුන් විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව එරට ජනාධිපති ෂහාබුදීන් පාර්ලිමේන්තුව විසුරවා හැර තිබේ.

බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන සම්බන්ධීකාරකයෙකු වන Nahid Islam, වීඩියෝ ප්‍රකාශයක් මගින් ජනාධිපතිවරයාට නිවේදනය කර තිබුණේ විරෝධතාකරුවන් විසින් අත්පත් කරගත් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව විසුරා හරින්නේ නැතිනම් විරෝධතාවයන් අඛණ්ඩවම පවත්වන බවටත්, නව අන්තර්වාර පාර්ලිමේන්තුවේ උපදේශක වශයෙන් ආර්ථික විද්‍යාඥ සහ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් පත්කළ යුතු බවටත්, හමුදාවේ සහාය ඇති හෝ හමුදාවේ නායකත්වයෙන් යුත් කිසිම රජයක් පිළි නොගන්නා බවටත්ය.

ඒ අනුව ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, අන්තර්වාර ආන්ඩුවක් සඳහා සියලු පක්ෂ සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමෙන් පසු හැකි ඉක්මනින් මැතිවරණය පවත්වනු බලන බවයි.

පසුගිය ජුලි මස 15වන දින බංග්ලාදේශයේ රැකියා කෝටා ක්‍රමයක් සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අගමැතිගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටින පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමත් සමඟ මේ වන විට 300ක් පමණ මියගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...