Home පුවත් පෞද්ගලික මාධ්‍ය ජාලයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

පෞද්ගලික මාධ්‍ය ජාලයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 06, කොළඹ (LNW):

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණයේදී, ඒ සඳහා ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් පමණක්, ප්‍රසිද්ධ පෞද්ගලික මාධ්‍ය ජාලයක් විසින් මාධ්‍ය හැසිරවීම සම්බන්ධයෙන් අනෙකුත් අපේක්ෂකයන්ට වන අසාධාරණය පෙන්වා දෙමින් ,ශ්‍රී ලංකා රීෆෝම් ආයතනයෙහි කැඳවුම්කරු වන නීතීඥ අගස්ති වීරසිංහ මහතා විසින් ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත .