මොණරාගල ඩිපෝවේ CTB බස් දෙකක එන්ජිමට වැලි පිරවූවේ කවුද?

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 06, කොළඹ LNW:

ඇතිමලේ පොලීසිය ඉදිරිපිට නවතා තැබීමට මොණරාගල ඩිපෝ අධිකාරීවරයා විසින් උපදෙස් ලබාදී තිබියදීත් මෙම බස් රියදුරන් විසින්, ඉන් මදක් ඈතින් නවතා තිබූ මොණරාගල ඩිපෝවේ CTB බස් දෙකක එන්ජිම් තුළට රාත්‍රී කලයේ කිසියම් පිරිසක් විසින් වැලි පුරවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

මොණරාගල ඩිපෝ අධිකාරීවරයා පවසන්නේ, මේ මෙම බස් පොලිසිය අසල නැවතීමට උපදෙස් දුන් නමුත්, පොලිසිය ඒ අසල බස් නවතා නොතබන ලෙස රියදුරන්ට පවසා ඇති බව නොදැන සිටි බවත් එය දැනගනු ලැබූවේ මෙම සිදුවීමෙන් පසුව බවත්ය.

ඒ අනුව,මේ පිලිබඳව ඇතිමලේ පොලිසියෙන් කළ විමසීමකදී පවසා සිටියේ , මෙම සිදුවීම රාත්‍රී කාලයේ සිදුව ඇති බවත් එම ප්‍රදේශයේ CCTV ක්‍රියාත්මක නොමැති බවත් ,එබැවින් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්ය.

මෙම කඩාකප්පල් ක්‍රියාව පෞද්ගලික බස් හිමිකරුවන් විසින් සිදුකලාදැයි කටකතා පැතිරී ඇති අතර සහ සැක පලකරන බවත්,ඒ පිළිබඳව නිත්‍යානුකූල වශයෙන් සත්‍ය තොරතුර සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් ඇතිමලේ පොලිස් අධිකාරීවරයා පවසයි.

සත්‍ය වශයෙන්ම මෙලෙස CTB බස් දෙකෙහි එන්ජිමට වැලි පුරවා ඇත්නම් එක් බසයකට සිදුවන අලාභය ලක්ෂ 32ක් බව මොණරාගල ඩිපෝ අධිකාරීවරයා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිවේගයේ පෙරළියක්: ආදායම මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...