චීන ගිම්හාන සමය උණුසුම් කළ සිනමාපටය!

Date:

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය පිළිබඳ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මෙම වසරට යෙදෙනවා. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සව රැසක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වීමට නියමිතයි.

එම ජයග්‍රහණ සැමරුමත් සමග ජපන් ආක්‍රමණයට එරෙහිව පැවති යුද්ධයේ ඉතිහාසය මෙන්ම ජයග්‍රහණය සිහිපත් කිරීම පිළිබඳ චිත්‍රපට ඇතුළු කලාත්මක නිර්මාණ මාලාවක් චීනයේ දී මේ දිනවල විකාශය වනවා.

ඒ අතරින් නැන්ජිං සංහාරය පිළිබඳ චීන සිනමාපටයක් වන “Dead To Rights” සිනමා නිර්මාණය බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් සාර්ථකව තිරගත වන බවයි වාර්තා වන්නේ. පසුගිය ජූලි 25 වන දා තිරගත කිරීම ඇරඹීමෙන් පසු දින 10ක් ඇතුළත යුවාන් බිලියන 1.7 කට වැඩි ආදායමක් උපයා ගනිමින් එය බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්වුණා.

එය සිනමා ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොමඳව දිනා ගනිමින් මෙම ගිම්හාන කාලයේ ජනප්‍රියම නිර්මාණය බවට පත් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයේ සමග චීනයේ මේ ගිම්හානය කාලයේ සමස්ත බොක්ස් ඔෆිස් ආදායම යුවාන් මිලියන 380ක වාර්තාගත ඉහළම මට්ටමකට ළඟා වීම විශේෂත්වයක්.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...