හදිසි නීතිය ඉවත් කරන්න. මර්දනය නතර කරන්න. කමිටු ක්‍රමයෙන් රට ගොඩනගමු – සජිත් ජනපතිට කියයි

Date:

සියලු දෙනාගේ පොදු අරමුණ වන්නේ රට ගොඩනැගීම බවත් ඒ වෙනුවෙන් පෞද්ගලික ලාභ අපේක්ෂාවන් පසෙක තබා එකට එක්විය යුතු බවත්, එය හුදු තනතුරු හුවමාරුවක් නොව කමිටු ක්‍රමය හරහා සක්‍රීයව රට ගොඩනැගීම උදෙසා දායක වන්නක් විය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එය සාමූහික සර්ව සර්වපාක්ෂික වැඩපිළිවෙළක් පැවසූ විපක්ෂ නායකවරයා ඊට සියලු පාර්ශව දායක කරගත යුතු බවද සඳහන් කළේය.

19 වෙනි සංශෝධනය ගෙනාවේ යහපාලන ආණ්ඩුවෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා එය නැවත ක්‍රියාවට නංවාලියයුතු බවත් මේ මොහොතේ ආංශික අධීක්ෂණ කමිටු ක්‍රමයට එහා ගිය, නව බලවත් කමිටු ක්‍රමයක් හරහා පාර්ලිමේන්තුව සක්‍රීයව පොදු ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමු කළ යුතු බවත් පැවසීය.

ඊට සියලු පක්ෂ එකතු කර ගැනීම අත්‍යාවශ්‍ය බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බරපතළ තත්ත්වයෙන් රට ගොඩ ගත යුතු බවද අවධාරණය කළේය.

මේ මොහොතේ බල පවත්වා ඇති හදිසි නීතිය වහාම ඉවත් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා සාමාන්‍ය නීතිය රට තුළ ක්‍රියාත්මක කළ යුතු බවත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවත්නා මර්දනය වහා නතර කළ යුතු බවත් නීතිය උල්ලංඝනය කොට ප්‍රචණ්ඩත්වය වැපුරූ පුද්ගලයින් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද පැවසීය.

වෘත්තීය සමිති සිවිල් සමාජ පොදු සමාජ නායකයින් මර්දනය කරමින් සිටින බවත් එය වහා නතර කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන බවද පැවසීය.

මේ මොහොතේ අපේ රට වැටි ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම වෙනුවෙන් වඩාත් ධනාත්මක ලෙස මැදිහත් වන බව පැවසූ විපක්ෂ නායකවරයා රට ගොඩනැඟීමේ කටයුත්ත වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දෙන බවද ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම හුස්ම සහ සක්වල වැඩසටහන් පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකවරයා එය දීප ව්‍යාප්ත මට්ටමින් වඩාත් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර පැවති විශේෂ සාකච්ඡාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...