මන්ත්‍රීවරුන්ගේ ගිනිතැබූ නිවාස යළි ලබාදිය යුතුයි, නැත්තං කවුරුවත් දේශපාලනයට එන එකක් නෑ – වජිර

Date:

මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

අරගලකරුවන් විනාශ කළ තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකේ නිවාස ලෙසත් තට්ටු දෙකේ නිවාස තට්ටු තුනේ නිවාස ලෙසත් සකස් කර ලබාදිය යුතු බවට වජිර අබේවර්ධන මහතා යෝජනා කරන්නේ.

මහජන නියෝජිතයන් මරා දැමීම, ඔවුන්ගේ දේපළ විනාශ කිරීම, ගිනි තැබීම කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත්, මෙවැනි ක්‍රියාවල නිරත වන ම්ලෙච්ඡ අදහස් සහිත පුද්ගලයන් පාලනය කළයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා. එවැනි ම්ලේච්ඡයන්ගේ කටයුතුවලට වඩා බියෙන් ජීවත්වීමට වඩා මියයාම වඩාත් සුදුසු බව ඔහු පෙන්වා දෙනවා.

මැයි 09 කලහකාරී සිදුවීම් හේතුවෙන් අගතියට පත් දේශපාලනඥයන්ට සාධාරණය ඉටු නොවන්නේ නම් අනාගත පරපුර දේශපාලනයට අවතීර්ණ වීම ප්‍රතික්ෂේප කරනු ඇති බවත්, එසේ වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් වනු ඇති බවත් එජාප සභාපතිවරයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...