නියඟයෙන් පළාත් 4 ක පුද්ගලයින් 90,000 ක් පීඩාවට

Date:

පවතින නියං කාලගුණ තත්වය හේතුවෙන් පළාත් 04 ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 කට අයත් පුද්ගලයින් 90,000 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උතුර, නැගෙනහිර, වයඹ සහ සබරගමුව යන පළාත්වල පවුල් 27,885 කට අයත් පුද්ගලයින් 89,485 දෙනෙකු මෙසේ පීඩාවට පත්ව ඇති අතර මෙහි වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයයි.

යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21714 කට අයත් පුද්ගලයින් 69113 දෙනෙකු නියඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

නැගෙනහිර පළාතේ පවුල් 2747 කට අයත් පුද්ගලයින් 8983 දෙනෙකු, වයඹ පළාතේ පවුල් 1726කට අයත් පුද්ගලයින් 5655 දෙනෙකු සහ සබරගමුව පළාතේ පවුල් 1098 කට අයත් පුද්ගලයින් 5734 දෙනෙකු ද නියඟයෙන් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...