සියලු පළාත් පාලන ආයතනවල ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, 2023 වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, මේ වන විටත් පළාත් පාලන ආයතන 69ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු, එම පළාත් පාලන ආයතන තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදුකරනු ලැබෙන බව සඳහන්ය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 341 සඳහාම මෙම වැඩපිළිවෙළ හඳුන්වා දීමට නියමිත අතර, ජනතාවට අපහසුතාවකින් තොරව සිය රාජකාරී කටයුතු සිදුකර ගැනීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙළ හදුන්වා දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අන්තරෙන් පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : අද (11) දින,...

යුරෝපයේ වෙසෙන තරුණ සංවිධාන රාශියක මෙහෙයවීමෙන් “The Peaceful Talks” නමින් වට මේස සාකච්ඡාවක්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : යුරෝපයේ වෙසෙන තරුණ...

වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඇමති බිමල්!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : වරාය නැගෙනහිර පර්යන්තයේ...