අපරික්ෂාකාරී රියදුරන්ට වැඩ වරදී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලංකා ගමනාගමන මණ්ඩලය නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට යයි.

ඒ රියැදුරන් සිදු කරන වැරදි දැනුම්දීම සඳහා විශේෂ ඇප් එකක් හඳුන්වා දෙන බවට ලංකා ගමනාගමන මණ්ඩලය තොරතුරු වාර්තා කරයි.

ඒ හරහා රියැදුරන් සිදුකරන වැරදි මගීන්ට සෘජුවම ඉදිරිපත් කළ හැකි බව එහි අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ.

මේ අතර , ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීම සඳහා රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වාදීමට ද තීරණය කර ඇති අතර , ඒ හරහා රියැදුරන් සිදු කරන වැරදි ලංගම පරීක්ෂකවරුන්ට සලකුණු කළ හැකියි.

එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ , 2023 වසරේ ගතවූ කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරු 218 ක් පමණ සිදුව ඇති අතර එහිදී පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කළේ කුමක්ද ?

රනිල් අරගලයෙන් පස්සේ බලය ගත්ත එක සහ එම බලය...

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...