මන්නාරම සුළං බලාගාරය විවෘත කෙරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද (06) පෙරවරුවේ මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කර තිබේ.

ඒ වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මගින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කරන ලද මෙගා වොට් 15ක සුළං බලාගාරය වන අතර සුළං කුළුණු 6ක් මගින් ජාතික පද්ධතියට මෙහි විදුලිය නිපදවන අතර , එම සමාගම මගින් පසුගිය ආර්ථික අර්බුද සමය තුලදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර අවසන් කිරීමට නියමිත වූයේ 2023 සැප්තැම්බර් මාසයේදීය.

නමුත් , විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, මෙම බලාගාරය සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බවයි.

මේ අතර , විදුලිබිල නැවත වරක් වැඩිකිරීම තමන්ට ද ගැටලුවක් බව, විදුලි බිල වැඩීවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා අදහස් පළ කරමින් පවසා සිටියා .

“අපි දීර්ඝකාලීන විසඳුම්වලට යන්න ඕනේ. අපි විදුලිය වැඩිකරන එක නෙමෙයි තිබෙන්නේ නිෂ්පාදන වියදම කොහොමද අඩුකරන්නේ කියලා අපි බලන්න ඕනේ. අපි පුළුවන් තරම් සෝලා, සුළං වගේ දේවල්වලට ගිහින් නිෂ්පාදන වියදම අඩුකරගත යුතුයි.”

ලෙස බාලසූරිය මහතා කියා සිටියා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (11) පැය දහයක ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : බියගම ප්‍රදේශයේ ස්ථාන...

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් විශේෂ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : මේ වන විට...

වයසට යෑම ….

මා දැන් සතුටුවන්නේපෙම්වතුන් හඹා යෑමෙන් නොවේ.රෑ පුරා නිදිවරාපෙම්පත් ලිවීමෙන්...

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අධිකරණයට!

කොළඹ LNW:වැඩතහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින...