ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට පකිස්තානු ජාතිකයෙක් අත්අඩංගුවට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ඉරානය විසින් කුලියට ගනු ලබූ පකිස්තානු ජාතිකයකු එක්සත් ජනපදය විසන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

46 හැවිරිදි අසිෆ් මර්චන්ට් නම් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ සඳහන් කර තිබුණේ, මෙය ඉරානය විසින් භයානක මිනිමරුවකු කුලියට ගැනීමක් බවත්, රාජ්‍ය නිලධාරියෙකු හෝ ඕනෑම එක්සත් ජනපද පුරවැසියෙකු මරා දැමීමේ විදේශය විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් අපගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවත්,අසිෆ් මර්චන්ට් විසින් කරන ලද පාපොච්චාරණ වලට අනුව ඔහු තවත් කිහිප දෙනෙකු සමඟ කේත වචන භාවිතා කරමින් සම්බන්ධතා පවත්වමින් සිටින බව අනාවරණයව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වෙමින් පවතින බවත්ය.

රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා මරා දැමීමේ ඉරාන කුමන්ත්‍රණයක් ගැන පසුගිය ජුනි මාසයේදී බලධාරීන් දැනගැනීමෙන් අනතුරුව ඔහුගේ ආරක්ෂාව වැඩි කර ඇති අතර මෙම කුමන්ත්‍රණය ජූලි 13 වන දින පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැස්වීමකදී 20 හැවිරිදි තෝමස් මැතිව් ක්‍රොක්ස් විසින් ස්නයිපර් වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයට සම්බන්ධ නොමැත.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ට්‍රම්ප් 2020 වසරේ දී ඉරානයේ කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරී කාසිම් සොලෙයිමානි ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කිරීමට නියෝග කිරීමත් සමඟ මෙලෙස ටෙහෙරානයෙන් තර්ජනවලට මුහුණ දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...

රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන්...