*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

අරුණ ට්‍රැක් නොපැන්නත් අපි ඉන්නෙ ට්‍රැක් පැනලා

සටහන – නිශ්මං රණසිංහ 
අගෝස්තු 07, LNW කොළඹ:
 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියකදී සුසන්තිකා ජයසිංහ,පැවති තරගවලදී හොඳම කාලය වාර්තා කර ඉදිරියෙන්ම සිටින මොහොතක,ධාවන පථ නීතිය උල්ලංඝණය කළ බවට තීරණය වීම නිසා අවසාන මහා තරගයට පිවිසෙන්නට නොහැකි විය.ඒ නියත වශයෙන්ම පදක්කමක් පෙනි පෙනී තිබියදී වූ අතර එය රන් පදක්කමක් වීමේ සම්භාවිතාවද ඉතා ඉහළ මට්ටමක විය.

අරුණ දර්ශනගේ සිඳුවීම නිසා මේ අතීතය සිහිපත් කරද්දී,අරුණ සහ නදීශා රාමනායක අතර යශ්ඨිය හුවමාරු කරන මොහොතකදී වැරදි ධාවන පථයක් ස්පර්ශ වීම නිසා අහිමි වු ආසියාතික මට්ටමේ පදක්කමේ කතාව ද සිහි විය.
මෙම ධාවන පථයක පළල මීටර් 1.22 කි.අඟල්වලින් ගත් විට එය අඟල් 48.031 කි.මේ ප්‍රමාණයේ සිරුර පාලනය කරගෙන දුවන විට මීටර් 400 ඉසව්වකදීනම් වක්‍රාකාර ස්ථාන දෙකකදී ධාවනය කිරීමට සිඳු වෙයි.මීටර් 200 දී නම් එක් වක්‍රයකි.මේ කාරණාවලදී සිහියේ තබාගත යුතු වැදගත්ම දේ මේ තරගයක් ජය ගන්නට හොඳම ශක්තිය සහ හොඳම ජවය පමණක් මදි බවය.මනස කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර ඒ තුළ නිසලව ඒකාග්‍රතාවයක් සහිතව පවත්වාගෙන යා යුතුය.ඒ නිසා කවුරුන් හෝ මලල ක්‍රීඩකයා වයින් කළ බෝනික්කෙක් බව සිතනවානම් එය අමූලික බොරුවක් බව සිතන්නට මලල ක්‍රීඩකයෙක්ට පැනවෙන ස්වභාවික සීමා ගැන මේ තත්ත්වය අවබෝධ කර ගත යුතුය.

තරගයක් පාලනය කරන්නට උගත යුතුය.අරුණ මේ රටාවේ ධාවන තරගවලට ආගන්තුක නිසාම ඔහුගේ ආරම්භක වේගය සහ ආරම්භක ප්‍රතිචාරයේ යම් දුර්වලකමක් දැක ගැනීමට හැකිය.ඒ තත්ත්වය ඔහු අවසාන වන විට පාලනය කළත්,ඒ වන විට අන් ක්‍රීඩකයින් ඔහුගෙන් ආරම්භක වේගය පදනම් කරගෙන ඈත් වී සිටින්නට හැකිය.ඔහු ඉවත් කරන ලද තරගයේ දී ද එය දකින්නට ලැබිණ.තරග අත්දැකීම් යනු ලෝකයම විඳ ඒ එ් හැඩයට දුවා වඩා දියුණු කුමයට යා යුතු වුවත් අරුණලාට ලෝකයේ ක්‍රීඩා අරුණළු වැටෙන්නේ නැත.ඇත්ත එබඳුය.

දැන් නැවත ක්‍රීඩාවට පැමිණියහොත් මේ මොහොතේ සමාජ මාධ්‍යවල සංසරණය වන රූපරාමු පෙළකින් පෙන්වා දෙන්නේ ධාවන පථ විනිසුරුවන් සහ තරග තීරකවරු නිද්‍රාගතව සිටියදී ක්‍රීඩකයින් ධාවන පථ නීතිය බිඳිමින් දුව යන අයුරුය.එම තත්ත්වය එසේනම් ඒ සහයද මලල ක්‍රීඩාවට අවශ්‍යයම එකකි.එක පොකුරක් හැටියට හරියට වැඩ කරන්න එක්ව ක්‍රියාත්මක නොවන්නේනම් ඉදිරියට තල්ලු වී යා නොහැකිය.
ඒ සීමාවන් දැඩිව සළකා බැලිය යුතුය.ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් නිර්මාණය වන්නේ එවිටය.දුවන්නන් වාලෙ නොඳුවන,සෑම ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා නීතියකටම අනුකූල ක්‍රීඩකයෙක් සැකසීම පුහුණුකරුවාට පමණක් අදාළ කාරණයක් නොවේය.මේ සියල්ල එක්ව එකට වැඩ කිරීමෙන් ලබා ගත හැකි තත්ත්වයකි.
අප ඊයේ තරගය ආරම්භයට පෙරාතුව අසංක රාජකරුණා අරුණගේ සම්භාහන කටයුතු කරන අයුරු දුටුවෙමු.මේ ලංකාවේ ක්‍රීඩාවේ තත්ත්වය ය.පුහුණුකරුවෙකුට පැවරෙන බරය.ක්‍රීඩකයාට නිවැරදි සම්භාහකයෙක් සහ වෛද්‍යවරයෙක් අවශ්‍යව තිබියදී එය නොමැතිවීමට මලල ක්‍රීඩා හෝ කිසිඳු සංගමයක් විරෝධය ප්‍රකාශ කර ඉවත් වී අපේ අවස්ථාව එම කාර්යය සඳහා දෙන ලෙස ඉල්ලා සිටින්නේ නැත.ලංකාවේ එවැනි කාරණා සාමාන්‍යයෙන් සිඳුවන්නේ ද නැත.ඒ සඳහා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ජාතික ඔලිම්පික් කමිටුව හරහා සම්බන්ධ වී පෙරට ගිය වෛද්‍යවරයෙක්,ක්‍රීඩා උළෙලේ සේවයට කැඳවා ඇති බවත්,ඔහුට සම්භාහනය සම්බන්ධයෙන් ඇති පළපුරුද්ද නිසා ඒ කාර්යය සඳහා ඔහු යොදවන බවත් කීවේය.තරගයට පෙර අසංක කරන්නේ ඒ කාර්යය ය.

නැවත අප සිඳුවීමට පැමිණියහොත් අරුණගේ වරද මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයාට හඳුන්වන්නේ “It is too small a fault to be noticed” යනුවෙන්ය.එහි බරපතලකම කුඩා එකක් වන්නේ කෙසේද?අරුණ තරගයෙන් ඉවත් කර ඇත.කේෂ්ත්‍ර ගණනාවක ඉහළ දැණුමක් ඇති මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා මේ වරද බරපතල එකක් බව තේරුම් ගෙන,ඒ සම්බන්ධයෙන් එන විවේචන ද සැළකිල්ලට ගෙන මලල ක්‍රීඩා සංගමයේ තාක්ෂණ නිලධාරීන්ට ඉදිරි කටයුතු සඳහා මෙහෙයවීමට මුල පිරිය යුතුව තිබියදී ඒ වචන භාවිතා කිරිම නුසුදුසු බව අපේ හැඟීමය.

ලේකම්වරයා මීට පෙර ද තරුශි සුදුසුකම් ලබා ගැනීම සඳහා තරග කළ අවස්ථාවේ ධාවන පථයේ වතුර ඉවත් නොකිරීමද සිය තාක්ෂණ නිලධාරින් අතින් සිඳු වූ සුළු වරදක් බව කීවේය.මීට පෙර නිලානි රත්නායකට දැඩි අසාධාරණයක් වී ඇය ආබාධයකට ගොඳුරු වී ඔලිම්පික් ගමණත් අහිමි වූ අතර,ඒ මොහොතේදී ද අදාළ නිලධාරීන්ට කිසිඳු බලපෑමක් ඇති නොවිණි.

මේවා වැරදි ලෙස ගෙන නිවැරදි විය යුතු බරපතල වැරදි ලෙස ගත යුතුය.මලල ක්‍රීඩාවෙන් ඔබ්බට විහිදුණු රසාස්වාදයේ ඉහළම තැනෙක සිටින,සාහිත්‍ය සහ කලා රසකාමියෙක් ලෙස සමන් ගුණවර්ධන ලේකම් ධූරයට එන විට ඉහළම බලාපොරොත්තු තබා ගත් අයෙක් ලෙස මේ ලේඛකයා සිතුවේ අලුත් මං මාවත්වලට වැඩ බිමක් සැකසෙනු ඇත කියාය.දත්ත ගබඩාවේ විශාල තැන්පතුවක් ඇති සමන්,වරක් සුගත් තිලකරත්න සභාපති සමයේ දී ශ්‍රී ලංකාවේ හෙල්ල වීසිකිරීමේ ඉසව්ව ප්‍රවර්ධනය කරන්නට ගත් තීරණය වෙනුවෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය එකඟ කරවා ගැනීම වෙනුවෙන් ගත් වෙහෙස අපි දනිමු.එහෙත් එය ක්‍රියාත්මක නොවී දකුණු ආසියාවේ වෙනත් රටවල් හෙල්ලෙන් පෙරට යන හැටි බලා සිටින්නට අපට සිඳු වී ඇත.

එවැනි හැකියාවක් ඇති අයෙක් ලෙස සමන්ට වරදවල් කුඩා ලෙස පෙනීම තුළ පෙනී යන්නේ ක්‍රීඩකයා දෙවන පුරවැසියෙකු ලෙස සළකා ඇමතුමෙන් පවා පහත හෙලන තත්ත්වය තව දුරටත් රැකිය හැකිය යන ඛේදවාචකයය.තමන්ගේ හැකියාව සහ අනන්‍යතාවයට ඇති සුවිසල් පෞරුශය තෝරා ගැනීම ඔහුගේ කාර්යයකි.අරුණට ටෝකියෝ ලෝක සූරතාවය සඳහා සුදුසුකම් ලැබීමට එම කාලය නීත්‍යානුකූල වූවානම් ඉඩ ලැබෙන අතර එය නොලැබීම අපට අනුව විශාලය.මෙවැනි හොඳ කාලයක් වාර්තා කළ හැකි හොඳ තරගයක් අනතුරුව ලබා දෙන්නට ඇති ආර්ථිකමය හැකියාවක් ද ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමයට නැති අතර රටේ ඉදිරි තත්ත්වයන්ට අනුව හරීන් ප්‍රනාන්දු වෙනස් වී රොෂාන් රණසිංහ පන්නයේ අමාත්‍යවරයෙක් පැමිණියහොත් මේ තත්ත්වය ගැන ද සිතීම අවිනිශ්චිතය.
පුද්ගලයෙක් වටා වැඩිපුර කැරකෙන්නට සිඳු වුණ ද අපට සමස්තයක් හැටියට කියන්නට ඇත්තේ කාරණා කිහිපයකි.ක්‍රීඩකයා සහ පුහුණුකරුවා සාර්ථක වීමේ සම්පූර්ණ කෑල්ල නොවේය.එහෙත් අවාසනාවට ඉතුරු වී ඇත්තේ එපමණය.සියල්ල තමන්ට පැවරෙන වගකීම නිවැරදිව සිය නෛතිකව සිඳු කරන තැනකට ආ යුතුය.ක්‍රිඩකයින් රැක බලා ගැනීමේ වගකීම පවරාගෙන දක්ෂයන්ට අනුග්‍රාහකයින් සොයා දිය යුතුය.

ක්‍රීඩකයා සහ පුහුණුකරුවා රැක බලා ගැනීමේ වගකීමට පත්වන නිලධාරීන් මිස ඔවුන් මර්ධනය කරන්නට පත් කරන පාලකයන් සේ සිතීම ප්‍රායෝගිකව පෙනෙන්නට තිබිය යුතුය.මීට ඉහතත් සඳහන් කළ පරිදි මේ සමඟ නදීශාව සම්භාහනය කරන ඇයගේ පුහුණුකරුගේ වීඩියෝ දර්ශනයක් ද ඇත.මහා බලසම්පන්න අයෙක් ලෙස නම් කර යැවූ සම්භාහක වෛද්‍යවරයා ඊයේ පෙනී සිට ඇතත් ඒ දක්වා ඔහු ක්‍රීඩකයින් හමුවට පැමිණ නැත.

එසේම මූලික තරගය පරාජය වී ශ්‍රී ලංකාවට එන මලල ක්‍රීඩකයෙක් ලෙස අරුණව වර්ග කර තැබීමට මෙරට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇත.ඔහුට හෙට දින ලංකාවට පැමිණීමට හැකි ලෙස ගුවන් ටිකට්පත් සකසා තිබුණ අතර දැන් ඒවා වෙනස් කරමින් සිටින බව ප්‍රංශයෙන් දැන ගන්නට ඇත.තරුශි කරුණාරත්න මේ වන විටත් ලංකාවට එමින් ඇත.ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ඔලිම්පික් පරිසරයේ ගැවසෙමින් අත්දැකීම් බෙදා ගන්නට තියෙන ඉඩ භුක්ති විඳින්නේ ගිය නිලධාරීන්ය.ඔවුන් සමාප්ත සමාචාරය ඇතුළු සියල්ල විඳ පැරිස් සිරිය නරඹා ලංකාවට පැමිණි පසු ඔලිම්පික් සම්බන්ධ ලාංකේය කතාව වැසී ගොස් නැවත 2027 දී විතර මතුවනු ඇත.

මෙවැනි තත්ත්වයක අපි කතාවට කියනවා වගේ ට්‍රැක් පනින එක අහන්නත් දෙයක් ද?ඇත්තම කතාව අපි හරි ට්‍රැක් එකේ හිටියනම් මේ ඔලිම්පික් තරගාවලියේ හොඳම ප්‍රතිපල පෙන්වන්නේ මීටර් 400 සහය දිවීමෙන් සහ පිරිමි හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන්ය.සුළු හෝ ලොකු වැරදි නිසා ඒ අවස්ථා දෙකම අපට අහිමි විය.ඒත් හරි ට්‍රැක් එකේ නොසිටි නිසාය.මේ දේ තේරුම් නොගන්නා තෙක් අපට පදක්කම් ට්‍රැක් එකට එන්න අපහසුය.ඒ නිසා අපි හරි ට්‍රැක් එකට එමු!මේ කතාව ලංකාවේ සියලුම ක්‍රීඩා පරිපාලන ඒකකවලට අදාළය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan