ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔහුගේ වම් අතේ අලුතින් පෙනෙන තැළීමක් පිළිබඳ සලකුණ ලෝකය පුරා කතාබහට ලක්ව තිබේ.

එනම්, එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ (22)දිනයේදී ඩාවෝස් සමුළුවේ දී ලේඛනවලට අත්සන් කරන විට ගනුලැබූ ජයාරූප මෙලෙස ලෝකය පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තව ඇති අතර ඒවායේ ජනාධිපති ට්‍රම්ප්ගේ වම අත දැඩිව නිල්පැහැ වූ සලකුණ වඩාත් කැපී පෙනුණි.

ඒ පිළිබඳ ප්‍රශ්න නොසලකා හරිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩාවෝස් සමුළුවෙන් එක්සත් ජනපදයට ආපසු යමින් සිටියදී එයාර් ෆෝස් වන් යානයේ වාර්තාකරුවන්ට කතා කරමින් කියා තිබුණේ, ඒ ගැන කරදර වීමට හේතුවක් නොමැති බවත්, තැළීම සුළු අනතුරක ප්‍රතිඵලයක් බවත්ය.

මේ සමබන්ධයෙන් ධවල මන්දිරය නියෝජනය කරමින් මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ජනාධිපති ට්‍රම්ප් අත්සන් කිරීමේ මේසයේ කෙළවරේ ඔහුගේ අත වැදීමෙන් මෙම තැලීම් සලකුණ ඇති වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...