බංග්ලාදේශයේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් හෝටලයකට ගිනි තැබීම හේතුවෙන් 24 දෙනෙකු පිළිස්සී මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශ් අගමැතිනි ෂීක් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලායාමත් සමඟ විරෝධතාකරුවන් බංග්ලාදේශයේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් හෝටලයකට කරන ලද ගිනි තැබීමක් හේතුවෙන් ඉන්දුනීසියානු ජාතිකයකු ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකු පිළිස්සීම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස ගිනිතබා ඇත්තේ ජොෂෝර් දිස්ත්‍රික්කයේ අවාමි ලීගයේ ප්‍රධාන ලේකම් ෂහින් චක්ලදාර්ට අයත් සබීර් ඉන්ටර්නැෂනල් නම් හෝටලයටය.

සුන්බුන් අතර තවත් මළසිරුරු ඇති බව විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතියි.

අතර වාර්තා වලට අනුව, අවාමි ලීග් රජයට විරුද්ධ වූ නාඳුනන මැර පිරිසක් හෝටලයේ බිම් මහල ගිනි තබා ඇති අතර එය ඉක්මනින් ඉහළ මාලයට පැතිර ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...