ක්ලබ් වසන්තගේ ඝාතනයට සැකපිට ලොකු පැටීගේ මස්සිනා අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින්, ක්ලබ් වසන්තගේ ඝාතනය මෙහෙයවූ බවට ‍ චෝදනා එල්ල වූ ලොකු පැටී නැමැත්තාගේ මස්සිනා අත්අඩංගුවට  ගෙන ඇත.

සැකකරු, දක්ෂිණ අධිවේගී මාර්ගයේ  සේවා ලබාගන්නා ස්ථානයේදී   අත්අඩංගුවට ගෙන ඇති අතර,ඔහු අතුරුගිරිය පොලීසියට භාර දී ඇත. ඔහු ද වෙඩිතැබීම සිදු කළ වෙඩික්කරුවන්ට කුලී නිවසක් ලබාගැනීම හා වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කරදීම ඔහු විසින් සිදුකර ඇති බව හෙළිවී තිබෙන බව වාර්තා වේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ තොරතුරු මත  වෙඩික්කරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පළා යෑමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී  සොයා ගැනුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...