නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට එරෙහිව අන්තරේ උද්ඝෝෂණයක!

Date:

කොළඹ LNW:ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රෝඪාව වහා හකුළා ගන්නා ලෙස බලකරමින් අද (07) අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රෝඪාව ආණ්ඩුව උත්සහ කරන්නේ නිදහස් අධ්‍යාපන අහිමි කිරීම බවයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරන්නේ.

නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වනසන කොතලාවල ඇතුළු වෛද්‍ය උපාධි කඩ වහා අහෝසි කරන ලෙස ඔවුන් තවදුරටත් ආණ්ඩුවට බලකර සිටියි.

මෙම උද්ඝෝෂණය සඳහා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් රැසක් එක්ව සිටි අතර ඔවුන්ට පොලීසියෙන් කඳුළු ගෑස්,ජල ප්‍රහාර එල්ල වීමක් සිදුවූයේ නැහැ.

ඒ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ආරක්ෂක නිලධාරීන් ද නොමැතිවම උද්ඝෝෂණය ඉදිරිපිටට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් ද සිදුකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...