හිටපු පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්ට, පූජිත් ජයසුන්දරට මෙන්න ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට සිදුවුණු දේ දැනට පොලීසියේ සේවයේ නියුතු සියලුම පොලිස් නිලධාරීන්ටත් හොඳ පාඩමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
“ඒ වෙලාවෙ විපක්ෂය කිව්වා දේශබන්දු ගෝඩ්ෆාදර් කියලා. ගෝඩ්ෆාදර් STF එක තියාගෙන CID එකට ගිහිල්ලා පැයක් දෙකක් ඉඳලා ගෙදර ආවා. මේ W15 හෝටලේ අයිතිකාරයොත් දේශපාලන පවුලක්. එතකොට W15 හෝටලේ සිද්ධියේ ගෝඩ්ෆාදර් අද ඉන්නවා. හැබැයි ඔහු පැත්තකට වෙලා ඉන්නවා, ආණ්ඩුවත් එක්ක හොඳට ඉන්නවා. මේවා දේශබන්දුට, පූජිත් ජයසුන්දරට හොඳ පාඩම්. නිලන්ත ජයවර්ධනට, ප්‍රියන්ත ජයකොඩිලාට හොඳ පාඩම්. මම පොලීසියේ අනිත් අයටත් කියන්නෙ අද දේශබන්දුට නම්, අද නිලන්තට නම්, අද පූජිත්ට නම් හෙට අනිත් අයට කියන එකත් පොලීසියේ දැන් වැඩ කරන අයටත් හිතාගන්න වෙයි. මොකද, මේ ආණ්ඩු මාරු වෙනකොට ඒ ඉන්න අයව ඒගොල්ලො ආරක්ෂා කරන්නෙ නෑ. අද වුණෙත් නේ දේශබන්දුටත් පහුගිය කාලෙ පූජිත් ජයසුන්දරටත්, නිලන්ත ජයවර්ධනටත් වුණේ ඔන්න ඔය සිද්ධියම තමයි. මේ හෝටලේ මේ ඉඩමක් සම්බන්ධව තණ්හාවක්. මේකෙ දේශබන්දු ගෑවිලාවත් නෑ, ගෑවිච්ච මිනිස්සු ඉන්නවා නිදහසේ. කමක් නෑ, දේශබන්දුට අද ගෙදර යන්න වෙනවා, ඒක කරන්න දෙයක් නෑ. නමුත් මේකෙ ඇත්ත කතාව හොයන් ගියොත් මේකෙ ලොකු කතන්දරයක් තියෙනවා වැලිගම හෝටලය ගැන. ඒ ගැන මම වැඩිය කතා කරන්න යන්නෙ නෑ.
ඒ එක්කම දැන් මේ තිලින ගමගේ හිටපු මහේස්ත්‍රාත්තුමා. ඔහු 2018 මේ අලි පැටියාගෙ ප්‍රශ්නයට නඩුවක් කියලා නිදොස්කොට නිදහස් වෙලා තිලින ගමගේට හිඟ වැටුපුත් දුන්නා. ආයෙත් තිලින ගමගේගෙ වැඩ තහනම් කරලා තියෙනවා. එහෙම නම් පහුගිය කාලෙ මේ ආණ්ඩුවෙන් නිශ්ශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණ විනිසුරුවරයාට අල්ලස් චෝදනාවක් තිබ්බා. ඒ අල්ලස් චෝදනාව තිබ්බ එකට මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 120ක් නිශ්ශංක බන්දුල කරුණාරත්නට විරුද්ධව අත්සන් කරලා දුන්නා. එයාට ගත්ත තීන්දුව මොකක්ද ? එයාට සියලුම වරප්‍රසාද ඇතුව විශ්‍රාම ඇරියා. එයාට එක නීතියක්, තිලින ගමගේට වෙන නීතියක්. මාර නීති මේවා …
මේ රටේ හමුදාපති පත්කිරීම හරි, මේ ජනාධිපතිතුමාම කිව්වා හමුදාපති කෙනෙක් 55න් පත් කළාම පිටිපස්සෙන් මේජර් ජනරාල්ලා කීදෙනෙක් ඉන්නවාද ? අද ඕගොල්ලොන්ට ඡන්දෙ දීපු මේජර් ජනරාල්ලා කීපදෙනෙක් එළියෙ. අද උදේ ජිම් එකේදී කිව්වා මේක වැරදියි. මොකද 55 පිරෙනකොට මේජර් ජනරාල්ලා ගොඩක් පෝලිමේ ඉන්නවා ඊළඟ හමුදාපති හැටියට පත්වෙන්න. මේ හමුදාපතිතුමාට තව අවුරුද්දක් දුන්නා සේවා දිගුවක්. ඒ හමුදාපති පත්කරනකොට බලන්න තව කවුද හිටියෙ කියලා ලිස්ට් එකේ. නමුත් මෙතුමාට දුන්නා, මෙතුමාගෙ වාසනාව. මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර තමයි හමුදාපතිකමට සුදුසු වෙලා හිටියෙ. හැබැයි ඔහුට නොදී මේ හිටපු හමුදාපතිතුමාටම දුන්නා. කමක් නෑ. මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර පැන්ශන් ගියා. හැබැයි යුද්දෙ හිටපු නාවික හමුදාපති හිරේ.
මට කවුරු තරහා වුණත් කමක් නෑ, මාව කවුරු එල්ලලා මැරුවත් කමක් නෑ මෙතන පනතක් ගෙනල්ලා, මං කියන්න තියෙන දේ කියනවා. මට හෙට පාර්ලිමේන්තුවේදී අනිත් ආගම් ඡන්දෙ දුන්නත් එකයි, මට නැතත් එකයි. හොඳ වෙලාවට කාදිනල්තුමා පාප් වුණේ නෑ. නැත්නම් මේකත් වතිකානුවක් වෙනවා. තරහා වුනත් කමක් නෑ, කියන්න ඕනෙ. මං නැතිවුණත් කමක් නෑ, අපේ ස්වාමීන් වහන්සේලාටත් කියන්න ඕනෙ. හොඳ වෙලාවට පාප් වහන්සේ වුණේ නෑ අපේ කාදිනල්. පාප් වුණා නම් මේක වතිකානුවක් වෙනවා. මේ හමුදාපති පත්කිරීම, සේවය දීර්ඝ කිරීම, මේවා පිටිපස්සෙ අපේ ස්වාමීන් වහන්සේලා හිතාගන්න කවුද ඉන්නෙ කියලා. නාවික හමුදාපති හිරේ. ඒකට අපිට කමක් නෑ, හැබැයි සාධාරණය කාටත් ඉෂ්ට වෙන්න ඕනෙ”
චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා (05) පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එක්වෙමිනි.
