ට්‍රම්ප්, ඉන්දියාවට පනවන ලද තීරුබදු ප්‍රමාණය 50% දක්වා ඉහල දමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට 25%ක අමතර තිරුබද්දක් පැනවීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එක්සත් ජනපදය ඉන්දියානු ආනයන සඳහා පනවන ලද මුළු තීරුබදු 50% දක්වා ඉහළ යනු ඇති අතර එය එක්සත් ජනපදය විසින් පනවා ඇති ඉහළම අනුපාතයන් අතර වේ.

රුසියානු තෙල් මිලදී ගැනීම අඛණ්ඩව සිදුකිරීමට ප්‍රතිචාර වශයෙන් මේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර නව අනුපාතය අගෝස්තු මස 27 වන දා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

මේ සමබන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ මත්යංශය සඳහන් කර තිබුණේ, සිය ජාතික අවශ්‍යතා වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සඳහා ඉන්දියාවට අමතර තීරුබදු පැනවීම අතිශය අසාධාරණ බවත්, ඉන්දියාව තම ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

යුක්රේනයට එරෙහි මොස්කව් යුද්ධයට මුදල් සැපයීමට උදව් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී අනතුරු අඟවා තිබු මේ සම්බන්ධයෙන් ඉන්දියාව සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය රුසියාවෙන් රසායනික ද්‍රව්‍ය සහ පොහොර ආනයනය කිරීම දිගටම කරගෙන යමින් ඉන්දියාවට නව බදු පැනවීම හෙලා දකින බවයි.

කෙසේ නමුත් දෙරට තවමත් සම්පූර්ණ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් අවසන් කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF වෙතින් ලංකාවට සහාය දීම ඇරඔුණු හැටි එළිවේ…!

අශෝක ජයතුංග අගෝස්තු 07 වොෂින්ටන් LNW : IMF හා ලංකාව මෙවර...

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකවීමට කැමතිනම් ඉඩක්…

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වීමට...

විශ්‍රාම ගිය DIG අම්පාවිල CID ප්‍රධානී තනතුරට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු...

මිනෙත් සහ මෙලන් පිත්තෙන් සහ පන්දුවෙන් මුල් තැනට

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: අවුරුදු 25 න් පහළ ප්‍රධාන...