බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW:

ඊයේ (06) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබෙන බව වාර්තා වේ.

බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ, එම බන්ධනාගාරයේ එම් 02 වාට්ටුවේ තවත් රැඳවියන් 09 දෙනෙකු සමග ඔහු රඳවා සිටින බවයි. හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවද වාර්තා විය.

මීට පෙර කෙහෙලිය රඹුක්වැල්ල සහ එස්.එම්. චන්ද්‍රසේන යන හිටපු අමාත්‍යවරුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේදී රඳවා තිබුණේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ වන විට රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එම් 02 වාට්ටුවේයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ සම්බන්ධයෙන් වූ සිද්ධියක් මුල්කර ගනිමිනි.

එලෙස අත්අඩංගුවට ගැනුණු රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෛත්‍රී අල්ලස් කොමිසමට යද්දී ගොඩහේවා CID යයි

කොළඹ LNW:හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ...

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ලොව වඩාත්ම විචිත්‍රවත්...