රේගුව භාරයේ රඳවා ඇති BYD වාහන ගැන ගත් අලුත්ම තීරණය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW :

ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවා ඇති BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(08) අභියාචනාධිකරණය හමුවේ එකගතාවය පළ කර ඇති බව වාර්තා වේ.

අදාල වාහන රදවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී ජී සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම එකගතාවය පළ කර ඇත. 

ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් බිලියන 3.6කට ආසන්න මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාල වන පොලිය පෙත්සම්කාර සමාගම විසින් ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් ව ඇත.

ඉදිරිපත් වූ කොන්දේසිවලින් කිහිපයකට පෙත්සම්කාර පාර්ශවය එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව මෙම වාහන මුදා හැරීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට සිය එකඟතාවය පළ කළ බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...

සිය පළමු දේශනය සිදු කරමින් ලියෝ පාප් වහන්සේ ඉල්ලූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශාන්ත පීතර චතුරශ්‍රයේ...

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක්!

කොළඹ LNW:මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ...

ඝාතනයක් කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: ඉකුත් දා, අම්බලන්ගොඩ නගරයේ...