පෙරහැරේ යන ප්‍රවීණ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා

Date:

කොළඹ LNW:වසර හතළිහකට වඩා වැඩි කාලයක් ඇසළ පෙරහර මංගල්‍යයට දායක වූ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා පිරිනැමීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී අද (07) සිදුවිය.

මෙරට අනූ හයක් වන හීලෑ අලි ඇතුන්ගෙන් අලි ඇතුන් හතළිස් හත් දෙනකු අවුරුදු හතලිහට වඩා වැඩි කාලයක් සංස්කෘතික මංගල්‍යයන්වල කළ හීලෑ අලි ඇතුන් වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඒ අනුව අද දින අලි ඇතුන් 27 දෙනෙකු මෙම සම්මාන පළදෙනාවෙන් පිදුම් ලැබීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමළුව අබියදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිය.

සම්මාන ප්‍රදානය සංකේතවත් කරමින් වසර පනස් පහකට අධික කාලයක් පෙරහැර මංගල්‍යයට දායක වුණු රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා ඇති පළමු සම්මානයෙන් පුද ලැබීය. ඊට සමගාමීව සෙසු අලි ඇතුන් සඳහාද මෙම සම්මාන පළඳනාව පිරිනැමිණි.

එහිදී අදහස් දැක්වූ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වර්ෂ 1980 දී 400 ක් පමණ වුණු හීලෑ අලි ඇතුන් ප්‍රමාණය මේවන විට අනූ හයකට සීමා වී ඇති බවත් තායිලන්තය, ඉන්දියාව, මියන්මාරය වැනි රටවල වන අලියන් හා හීලෑ අලි ඇතුන්ගේ ප්‍රමාණය ඉතාමත්ම ඉහළ මට්ටමක පවතින බවද සඳහන් කළේය. නමුත් ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් ප්‍රමාණය 96ක් වන විට වන අලි ගහණය 6000ත් 8000ත් අතර වන බව ද ඒ මහතා පැවසුවේය.

වයස අවුරුදු 40 ඉක්මවූ අලි ඇතුන් 47 දෙනෙකු මේ වන විට සිටින බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරි වසර 15ක කාලයෙන් අනතුරුව මෙරට හීලෑ අලි ඇතුන් ප්‍රමාණය 15කට සීමා වන බව ද කීවේය.

එබැවින් මෙම ගැටලුව පිළිබඳව මෙවර පෙරහැර සමාප්තිය උළෙලේදී ඇසළ පෙරහර මංගල්‍යය ඇතුළු මෙරට සංස්කෘතික අංගයන් සඳහා අලි ඇතුන් දායක කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයාට පෙන්වා දෙන බව සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමිකගේ තුන් ඉරියව් හපන්කම් නිසා ග්‍රීන්, සූරතාව ගැන කොළ එළියකින් ජය මඟට පිවිසෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රීකට් සංවිධානය කරන...

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි!

ජනපතිගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය...

ආරක්ෂක සේවා කරාතේ ශූරතාවලියේ‍ කාන්තා ශූරතාව ගුවන් හමුදාවට.

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

රනිත්මාගේ අසනීපයෙන් බලාපොරොත්තු ඇහිරෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: එංගලන්ත කණිෂ්ඨ වීවෘත සූරතාවලියේ සූරියව...