චාමිකගේ තුන් ඉරියව් හපන්කම් නිසා ග්‍රීන්, සූරතාව ගැන කොළ එළියකින් ජය මඟට පිවිසෙයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රීකට් සංවිධානය කරන වඩාත් දක්ෂ විස්සයි විස්ස කණ්ඩායම තෝරා ගැනීම සඳහා එම විස්සයි විස්ස ක්‍රීඩාවේ දක්ෂයන් යොදා ගනිමින් පවත්වන තුන්කොන් තරගාවලියේ ආරම්භක තරගයෙන් කඩුලු හතරක ජයක් ලබන්නට ග්‍රීන් කණ්ඩායම සමත් වුණා.බ්ලූ කණ්ඩායමට එරෙහිව චාමික කරුණාරත්න පෙන්වන ලද තුන් ඉරියව් දක්ෂතා මෙම ජයග්‍රහණයට හේතුව වුණා.


පැතුම් නිශ්ශංක මෙන්ම ලංකාවේ විස්සයි විස්ස පිටියේ අලුත්ම තරුව බවට පත්ව සිටින විශේන් හැළඹගේ,දසුන් ශානක,කුසල් ජනිත් පෙරේරා,ධනංජය ද සිල්වා වැනි පිිතිකරුවන් සහිත වූ බ්ලූ කණ්ඩායම පන්දු ඕවර් 19.4 දී ලකුණු 143 ට සීමා කරන්නට ග්‍රීන් කණ්ඩායම සමත් වුණා.එම ඉණිමේ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ලකුණු 28 ක් වාර්තා කරන්නට පැතුම් නිශ්ශංක සමත් වුණා.විශාල ප්‍රගතියක් පෙන් වූ චාමික කරුණාරත්න සිය පන්දු ඕවර් 4 ලකුණු කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.


එම ලකුණු 153 ලබා ගැනීම වළක්වා ගැනීම සඳහා බ්ලූ කණ්ඩායම සතුව සිටි පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් එකක් වුණා.ඩිල්ෂාන් මධුශංක,මතීශ පතිරණ.දුනිත් වෙල්ලාලගේ,දසුන් ශානක,අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ජර්සේ ඒ අතර සිටියා.ඒ පන්දු යැවීමේ ආක්‍රමණය ඉදිරියේ සැබෑවටම තිගැස්මට ලක් වූ ග්‍රීන් කණ්ඩායම කඩුලු 5 ක් ම ලකුණු 42 ට අහිමි කරගෙන සිටියා.එතැනදී පිටියට පිවිසි චාමික නායක කමිඳු මෙණ්ඩිස් සමඟ හයවන කඩුල්ලට ලකුණු 65 ක සබඳතාවයක් පවත්වමින් ග්‍රීන් කණ්ඩායමට යළිත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරනු ලැබුවා.14 වන පන්දු ඕවරයේදී කමිඳු ලකුණු 36 ට දැවී යන විට ජයග්‍රහණයට තවත් ලකුණු 37 පිටුපසින් සිටි ග්‍රීන් කණ්ඩායම වෙනුවෙන් චාමික නොදැවී ලකුණු 47 ක් සහ චාමිකට සහය වෙමින් දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 12 ක් රැස් කරමින් 17 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවට ග්‍රීන් කණ්ඩායමේ ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 144 ක් කරන්නට සමත් වුණා.
චාමික නොදැවී ලබා ගත් ලකුණු 47 ජයග්‍රාහී ඉණිමට වැය වී තිබුණේ පන්දු 31 ක් පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW: අද (07) රාත්‍රී...

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි!

ජනපතිගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය...

ආරක්ෂක සේවා කරාතේ ශූරතාවලියේ‍ කාන්තා ශූරතාව ගුවන් හමුදාවට.

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

රනිත්මාගේ අසනීපයෙන් බලාපොරොත්තු ඇහිරෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: එංගලන්ත කණිෂ්ඨ වීවෘත සූරතාවලියේ සූරියව...