*
Friday, April 26, 2024
spot_img

Latest Posts

හැඩ මිනිස්සුද – වැඩ හැඩ කරන මිනිස්සුද ජාතික ක්‍රීඩා සභාව ඉදිරියේ ඇති ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරිම,සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම ජාතික ක්‍රීඩා සභාව නම් කිරීමේදී ඉහත කරුණු මූලික කර ගත යුතුය.එය 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේම ජාතික ක්‍රීඩා සභාවේ අනන්‍යතාවය ලෙස දක්වා ඇත. එය ක්‍රීඩා පරිපාලනය සඳහා රාජ්‍යමය වශයෙන් ද දේශපාලනික වශයෙන් ද කරන මෙහෙයුම විශය සමගාමිව සිඳු කරන්නට අවශ්‍යය මාර්ගෝපදේශනය සඳහා යොදා ගැනීමට ගත් උපකාරයකි.ඒ නිසා හම පත්කිරිම් සමස්ත ක්‍රීඩාව සම්බන්ධ ප්‍රමානික තාක්ෂණික කියවීමක් තියෙන පරිපාලනය ගැන අවබෝධයක් තියෙන අයගෙන් සැපිරිය යුතුය.
ලංකාවේ බොහෝ විට දේශපාලනයෙන් අපට හමුවන මහජන නියෝජිතයා අපේ තෝරා ගැනිමේ හොඳකම නිසාම දැන උගත් අයෙක් නොවන්නට ඇති ඉඩ සුළු නැත.එවිට අමාත්‍යවරයෙක් අදාළ විශය ඔසසේ මෙහෙයවිමට අවශ්‍යය විශය දැණුම ඇති අය මඟ පෙන්වන්නන් විය යුතුය.එසේම ක්‍රීඩා අමාත්‍යංශය ගත් විට නිරන්තරයෙන්ම අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තම්න්තුවට එන ඉහළ නිලධාරියා ක්‍රීඩාවට සම්බන්ධ නැත.එවිට ක්‍රීඩාව ගැන තියෙන දැණුම හිඟකම නිසා ක්‍රීඩා අමාත්‍යංශය ලිපි ගොනුවලින් පිරෙන තරමට ක්‍රීඩාව ජයග්‍රහණවලින් පිරවෙන්න තියෙන ඉඩ අඩුය.ඒ නිසා ජාතික ක්‍රීඩා සභාව විශය පදනම සහිත සමස්ත ක්‍රීඩාව සහ පරිපාලනමය සහ කලමණාකරණය ගැන දන්න පිරිසකගෙන් ඈත් වුණොත් අවුලට යන්නේ ක්‍රීඩාවය.
ඒත් මේ සභාව බොහෝ විට නම් කරන්නට උත්සාහ කරන්නේ ක්‍රීඩාවේ නියැලි තරු වලින්ය.පසුගිය සමයේ එය හොදින්ම දකින්නට ලැබුණු අතර එම කණ්ඩායම සර්ව බලධාරීන් ලෙස හඳුන්වන්නට තරමට ඇතැම්හූ කටයුතු කළහ.නමුත් සමස්ත ක්‍රීඩාව සඳහා සිඳු වූයේ කුමක්ද යන්න ගැන සිතා බැලිය යුතුය.ක්‍රීඩා සභාවට පත්වීමේ බලය නිසා ඇතැම් අය එහි තියෙන සම්ප්‍රදායන් පවා නොතකමින් ඇතැම් ක්‍රීඩා පරිපාලනවල ඉහළ වගකීම්වලට පත් වූයේ එහි දේශිය පුද්ගලයන්ට රුපියල්වලින් ගෙවද්දි තමන්ට පමණක් ඩොලර්වලින් වැටුප් සකසා ගනිමින්ය.
ඒ ක්‍රීඩා සභාව ඉහළ කාර්ය සාධන ආධාර දෙන්නට තෝරා ගන්නට හැරීවත් බැලුවේ නැති මල්ලව පොර මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉතිහාසය වෙනස් කළ ජයග්‍රහණයකින් සරසා ඇත.එසේම මලල ක්‍රීඩාවේ බාධක දිවීමේ සූරිය ධාවනය කරන විට කඩුල්ල නියම උසට ඔසවා තබනු වෙනුවට වැඩිපුර ඔසවා තැබීම වෙනුවෙන් අවශ්‍යය විනය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට ඒ සිඳුවීම පාදක කරගෙන ක්‍රීඩිකාවගේ දක්ෂතා පහළ වැටීමේදී සිඳු වූයේ ක්‍රීඩිකාවට දුන් සුපිරි අනුග්‍රහ දීමනාව කපා හැරීමය.එය මහදැනමුත්තා එළුවාගේ බෙල්ල බේරා ගැනීමට සමාන තීරණයක් විය.
එසේම රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් වූ සිදුවීම්වලදී විශයානුබද්ධව මැදිහත් වීමට ක්‍රීඩාවේ සියල්ල ජාතික ක්‍රීඩා සභාව ලෙස සැළකිල්ලට ගෙන සිටියද ක්‍රීඩා සභාවට නොහැකි විය.පරිපාලනය වාරණය දක්වා තල්ලු කරගෙන ගිය පෞද්ගලික න්‍යාය පත්‍රවලින් නීති මාර්ගයෙන් මිදුණු රගර් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදි අත් කරගත් සාර්ථකත්වය මත නොකියූ පණිවිඩය කියවා ගැනීම වැදගත්ය.ඉතාම දරුණු විදිහට රගර් පරිපාලනයට ක්‍රියාත්මක වෙන්න තිබුණු කාලය උදුරා ගෙන ක්‍රියා නොකරානම් ඒ ප්‍රතිපලයේ සාර්ථකත්වය තව විශාල වෙන්නට නොතිබිණි ද?කියවාගත යුත්තේ එයය.
ඒ නිසා ජනප්‍රිය චරිත සහ ජාතික තලයෙන් අන්තර්ජාතික වශයෙන් කැපි පෙණෙන චරිතවලින් ජාතික ක්‍රීඩා සභාව පුම්ඹන්නට යාම තේරුමක් නැත.ක්‍රීඩාව පුම්ඹන්නට ජාතික ක්‍රිඩා සභාව සැළසුම් සකස් කළ යුතුය.ඒ සඳහා ක්‍රීඩාව සම්බන්ධ අධ්‍යාපනික පරිචරයක් සහිත පිරිසක් තෝරා ගැනීම වැදගත්ය.ඊට අමතරව අඩුම තරමේ වෘත්තීය පරිපාලන සුදුසුකම් ද ඔහුගේ ක්‍රීඩාව සමඟ සැළකිල්ලට ගැනීම වැදගත්ය.ක්‍රීඩාවෙන් රට දැන ගැනීම කියන කාරණයට වඩා වැදගත් වන්නේ පරිපාලනය කියන කාරණයය.ක්‍රීඩාවට කළමණාකරනයෙන් සම්බන්ධ වෘත්තිය සුදුසුකම් සහිත ක්‍රීඩාව සම්බන්ධ ගැන තාක්ෂණිකව අවබෝධයක් ඇති අයව මේ මොහොතේදී හෝ ඒ සඳහා ගෙන ඒමත්,හැකිනම් ඒ තත්ත්වය සුදුසුකමක් සේ ඊට එකතු කිරීමත් වැදගත්ය.

බොහෝ විට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියටත්,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසත් එන්නේ මීට ඉහතද සඳහන් කළ පරිදි ක්‍රීඩාව ගැන අධ්‍යාපනයක් නැති උදවියය.ක්‍රීඩා අමාත්‍ය තනතුරට ක්‍රීඩකයෙක් ආවද ඔහු එක් ක්‍රීඩාවක දෙකක දක්ෂයෙක් වීමෙන් ක්‍රීඩාව ගැන පරතෙරට දැණුම ඇත්තෙක් නොවිය හැකිය.මේ තත්ත්වයන්හී හිස් තැන පියවන්නටනම් ජාතික ක්‍රීඩා සභාවට ක්‍රීඩාව සම්බන්ධ අධ්‍යාපනයක් සහිත එහි කළමණාකරණය සහ තාක්ෂණය ගැන අධ්‍යාපනය පදනම් කරගත් පිරිසක් ඇතුළත් විය යුතුය.ක්‍රීඩාවන් ගැන ප්‍රායෝගික අවබෝධයක් ඇති අයෙක් ඊට ගෙන ඒමේදී ද ඔහුට වෘත්තීයමය වශයෙන් කළමණාකරිත්වය සම්බන්ධව ඇති නිපුනතාවය සහ අධ්‍යාපනය ගැන ද විමසා බැලීම වටින්නේය.මේ වන විට ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩාවේ ප්‍රායෝගිකව නියැලීමක් ඇති ක්‍රීඩාව සමබන්ධ අධ්‍යාපනික පරිචයක් ඇති විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මට්ටමෙන්ද බිහිවෙමින් ඇත.එසේම ජාතික ඔලිම්පික් කමිටුව ද වාර්ශිකව ඉහළ ක්‍රිඩා කළමණාකාරිත්වය සම්බන්ධ දැණුමක් සහිත පිරිස් නිර්මාණය කරන්නට වැඩ කටයුතු කරගෙන යන්නේය.ක්‍රීඩා අමාත්‍යංශයට එන නිලධාරීන්ට ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාව පවතින තත්ත්වය කළමණාකරනය කර ගැනීමට අසීරු සහ එවැනි තත්ත්වයකදී ජාතික ඔලිම්පික් කමිටු සේවකයින් සාර්ථක කෙසේද යන්න විමසා බැලිමේදී මේ සම්බන්ධයෙන් උදාහරණ සොයා ගැනීම හැකියාව ඇත.

ක්‍රීඩා අමාත්‍යංශ්‍යට සම්බන්ධ වන පරිපාලන සේවකයන්ද එහි රැදී සිටින්නේ වසර පහක කාලයකි.ඉහළ සිට පහළට ලේකම්,අධ්‍යක්ෂ,කළමණාකාර සේවය සිට කාර්යාල කාර්ය සහයක දක්වාම සේවා කාලය වසර පහතට යටත්ව ක්‍රියාත්මකය.මේ තත්ත්වය නිසා ද ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ කළමණාකාරීත්වයට මඟ පෙන්වීම සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍යය විශයානුබද්ධ දැණුම අධ්‍යාපනික ලෙස ප්‍රායෝගික තලයට ගෙන එන්නේ කෙසේද කියා සිතන පිරිසක් අවශ්‍යය වන්නේය.

ඒ නිසා ජාතික ක්‍රීඩා සභාව යනු පුද්ගල බල්බ් එක් කර බබලන තොරණක් නොකර ක්‍රීඩා සභාව බල්බ් හැටියට සමස්ත ක්‍රීඩාව තොරණක් කර බබලවන තත්ත්වයට ගෙන ඒම වැදගත්ය.ලංකාවේ ක්‍රීඩාවේ පරිපාලන ව්‍යහුයට ක්‍රීඩාව සම්බන්ධ වන අධ්‍යාපනික පදනමක් සහිත චරිත වෙනුවට සිටින්නේ රාජ්‍ය කළමණාකරනය සම්බන්ධ චරිතය.ඒ නිසා කළමණාකරනය ක්‍රීඩාත්මික කිරීමට ජාතික ක්‍රීඩා සභාවේ මැදිහත්වීම අවශ්‍යය වන අතර ඒ සඳහා රටේ පරිපාලන ව්‍යහුය,නීතිමය තත්ත්වයන් සහිතව සංවර්ධන සැළසුම් සහිත දියුණුව සහ පාලනය කෙරෙහි යොමු කරන මඟ පෙන්වීමක් ලබා දීම ජාතික ක්‍රීඩා සභාවෙන් ලබා ගත යුතු උපකාරයයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan