අපිට පරම්පරාවෙන් එන දේපළ දාලා තියෙනවා, පක්ෂයේ වාහන අපේ නමට තියෙනවා. අපිට හංගන්න දෙයක් නැහැ – නලින්ද

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කිසිවෙකුට වත්කම් – බැරකම් ප්‍රකාශවල සැඟවීමට දෙයක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“අපි ඉදිරිපත් කරලා තියෙන සියලු වත්කම් බැරකම් ගිය අවුරුද්දේදී ජනතාව දැනගත්තා. ඒ වගේම මම දන්න හැටියට ඒවා අවශ්‍ය පරිදි අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකියාවක් පවතිනවා. ඒ කිසිවක් සීමා කරන්නේ නැහැ. මොකද අපි ඉන්නෙම මේ පාරදෘශ්‍යභාවය, වගවීම වැඩිකිරීම සඳහා. ඒකට තියෙන පනත් හා යාන්ත්‍රණ ශක්තිමත් කිරීම තමයි අපේ කාර්යභාරය. අපිට හංගන්න දෙයක් නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුවේ ඇමතිවරු තමයි තමන්ට තිබෙන සියලු දේවල් වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් කරලා, ඉදිරිපත් කරලා ජනතාවට දැනගන්න සලස්වලා තිබෙන්නෙ. ඉතින් ඒ සමහර අය කලබල වුණේ, ඒවා වැඩියි වගේ කියලා, කලින් අය නොදීපු නිසා. ඉතින් අපිට පරම්පරාවෙන් හිමිවෙලා තිබෙන දේපළක් තිබෙනවා නම්, ඉඩමක් තිබෙනවා නම් ඒක මේ මොහොතේ – ඒක පරම්පරාවෙන් එනකොට ලැබිච්ච අගය නෙවෙයි – වෙළඳපොල වටිනාකමට තක්සේරු කරලා ඉදිරිපත් කරලා තියෙනවා. අපි නමට වාහනයක් තිබෙනවා නම් – සමහරවිට පක්ෂයේ වාහන අපේ නම්වලට තිබෙනවා – ඒවා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවාත් එක්ක තමයි සමහර වත්කම් වැඩිවෙලා තිබෙන්නෙ. නමුත් අපි ඒවා ඉතාම සද්භාවයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා, ඕනෙ කෙනෙකුට දැනගන්න පුළුවන්. ඒවා ප්‍රශ්නයක් නැහැ, අපිට හංගන්න දෙයක් නැහැ”

ප්‍රශ්නය – එතකොට පනත වෙනස් කරන්න යන්නෙ ඇයි ?

“පනතේ යම් යම් සංශෝධන කරන්නට යෝජනා වෙලා තිබෙනවා. එකක්, මේ අල්ලස් කොමිසමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා සහ තවත් මේ ජනතාවට ඒ සම්බන්ධයෙන් තියෙන විශ්වාසය වැඩිකිරීම සඳහා. ඒක තමයි මම දන්න දේ”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...