මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කළා – ඇමති හර්ෂණ

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ හටගත් නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

සිද්ධියට මුල්වූ බවට සැකකෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා විය.

බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට ගැනීමත් සමඟ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති අතර ඉන් අනතුරුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබූ බවත් පසුව බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර ඔවුන් යළි සිරකුටි වෙත යොමු කිරීමට කටයුතු කළ බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...