Facebook සහ Instagram හරහා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට සිදු වූ හානි සම්බන්ධයෙන් Meta සමාගමට ඩොලර් මිලියන 567ක වන්දි ගෙවීමට නියෝග

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණය විසින් Facebook සහ Instagram හි මව් සමාගම වන Meta සමාගමට දරුවන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවූ හානි සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 567ක වන්දි අරමුදලක් පිහිටුවන ලෙස නියෝග කර තිබේ.

මෙම තීන්දුවත් සමඟ නිව් මෙක්සිකෝ ප්‍රාන්තය Meta සමාගම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු බව අධිකරණයකදී සාර්ථකව තහවුරු කළ පළමු ප්‍රාන්තය ලෙස ඉතිහාසගත වී තිබේ. මීට පෙර පැවති නඩු විභාගයේ පළමු අදියරේදී ජූරි සභාව තීරණය කර තිබුණේ Meta සමාගම සිය සමාජ මාධ්‍ය වේදිකා හරහා දරුවන්ට හානි සිදුවීමට ඉඩ සැලසූ බවත්, එම අවදානම් පිළිබඳ පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් කටයුතු කළ බවත්ය. ඒ සඳහා සමාගමට ඩොලර් මිලියන 375ක සිවිල් දඩයක් ද මීට පෙර නියම කර තිබුණි.

නව නියෝගයට අනුව ඩොලර් මිලියන 567ක අරමුදලෙන් ඩොලර් මිලියන 420ක් දරුවන් සහ යෞවනයන් සඳහා මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවා වෙනුවෙන් වෙන් කෙරෙන අතර, ඉතිරි මුදල් දැනුවත් කිරීමේ වැඩසටහන්, පූර්ව හඳුනාගැනීම් සහ වැළැක්වීමේ වැඩසටහන් සඳහා වසර පහක කාලයක් තුළ යෙදවීමට නියමිතය.

අධිකරණය මුදල් ගෙවීමට අමතරව Meta සමාගමට දරුවන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා නව පියවර රැසක් ද නියම කර තිබේ.

ඒ අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් වයස් තහවුරු කිරීමේ ක්‍රම ශක්තිමත් කිරීම, යොවුන් පරිශීලකයන් සඳහා මාසික භාවිත සීමා හඳුන්වාදීම, වැඩිහිටියන් හා බාලවයස්කරුවන් අතර සම්බන්ධතා සීමා කිරීම, දැනුම්දීම් පාලනය කිරීම සහ වයස අවුරුදු 13ට අඩු පරිශීලකයන්ගේ ගිණුම් හා පුද්ගලික දත්ත මකා දැමීම ඇතුළු නියෝග රැසක් ඇතුළත් වේ.

කෙසේ වෙතත් Meta සමාගම අධිකරණ තීන්දුවට එකඟ නොවන බව ප්‍රකාශ කර ඇති අතර, තමන් යෞවනයන්ගේ ආරක්ෂාව සඳහා සැලකිය යුතු ආරක්ෂක ක්‍රමවේද රැසක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව පවසමින් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ද නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...