කොළඹ LNW:කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පවසයි.
මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්රතිකාර ලබන බවද වාර්තා වේ.
ඊයේ රාත්රියේ මෙම ගැටුම හටගෙන තිබූ අතර ඒ අවස්ථාවේ එය පාලනය කර තිබුනද අද (07) උදෑසන මෙම නොසන්සුන්තාව යළි හටගෙන තිබුණි.
එය පාලනය සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්රහාරද එල්ලකළ බව සඳහන් වේ.
රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ.


