කොළඹ LNW:නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 11 ක් රෝහල් ගත කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.
බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර රැඳවියන් නවදෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද පියවර ගෙන ඇති බව ගජනායක මහතා සඳහන් කරයි.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිද හමුදාව යොදවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන අතර පවතින තත්ත්වය හමුවේ රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීමද අද දිනට අත්හිටුවා ඇත.


